(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
ගුරුතුමිය කුඩා දරුවකුට නැලවිලි ගීතයක් කියන්නැයි කී විට ‘‘මැණිකේ මගේ හිතේ ” ගීතය ගායනා කිරීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා ග්‍රාමීය පාසලකින් වාර්තා වේ.
‘‘මෙදින පංතියට පැමිණි ගුරුතුමිය කලකින් දුටු දරුවන් සමග සතුටින් ගත කළාය. පාඩම් කටයුතු ඇරඹීමට පෙර දරුවන්ගේ සිත් තවදුරටත් සතුටින් තැබීමට ගුරුතුමිය මෙසේ කීවාය.
‘‘පුතාලා කවුරු හරි ලස්සන කවියක් කියන්න බලන්න”
‘‘ටීචර් මම නෙලුම් කවියක් කියන්නම්” යැයි කියමින් දැරියක් නැගිට ගොයම් නෙළන විට කියන කවියක් ගායනා කළාය. එයින් සතුටට පත් ගුරුතුමිය ”බොහොම හොඳයි ...හරිම ලස්සනට ගායනා කළා...හැමෝම මේ වගේ කවි ඉගෙන ගන්න ඕනෑ” යැයි කියමින් දැරියට ප්‍රශංසා කළාය.
මේ අතර පංතියේ සිටි කටකාර දරුවෙක් අසුනින් නැගිට ගුරුතුමියට මෙසේ කීවාය..
‘‘ටීචර් මම නැලවිලි ගීතයක් කියන්නද ”
‘‘බොහොම හොඳයි පුතා බලන්න කියන්නකෝ” ගුරුතුමිය පිළිතුරු දී ඇත.
දරුවා ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ ජනප්‍රිය ගීතය ගායනා කළේය.
එය අසා සිටි ගුරුතුමියට ද සිනා පහළ වුනේලු. ”අනේ පුතේ ඕක නැලවිලි ගීතයක් නෙමෙයිනේ ” යැයි ගුරුතුමිය දරුවාට ආදරෙන් කීවාය.
එය ගණනකට නොගත් දරුවා” නෑ ටීචර් ඕක නැලවිලි ගීතයක් තමයි... අපේ අම්මා මල්ලි අඬන කොට ෆෝන් එකේ ඔය සින්දුව දාලා ළඟින් තියනවා... ඒක අහන් ඉන්න මල්ලිටත් නින්ද යනවා. අම්මටත් නින්ද යනවා... ඉතිං ඒක නැලවිලි ගීතයක් නේ...” යැයි දරුවා ගුරුතුමියට කීවේය.
එයින් අපහසුවට පත් වූ ගුරුතුමිය ද දරුවාට පිළිතුරක් දීමට දස අතේ කල්පනා කළේලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක ඇත්ත... අපේ දුවට මාස 08යි. එයා අඬනකොට අපි දාලා දෙන්නෙත් ඒ සින්දුවම තමයි. සද්ද නැතිව ඇස් දෙක ලොකු කරගෙන අඬන්නේ නැතිව බලාගෙන ඉන්නවා...
දැන්නම් ඔය සින්දුව අහලම ඇතිවෙලා මටත් නින්ද යනවා.