IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඟුලේ උණුසුම යන්න කලින් මනාලිය ගෙදර ගිහින්

ජයට උත්සව සමරා කැඳවාගෙන ආ මනාලියක එහි උණුසුම මැකී යාමටත් මත්තෙන් මනාලයා ප්‍රතික්ෂේප කොට තම මව්පියන් වෙත යෑමේ පුවතක් වයඹ පුරවරයට අයත් රාජධානි සීමාවක පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය. 


ඇය කොළොම්පුරවරයේ පදිංචි ධනවත් පවුලක උපාධිධාරි දියණියකි. ඔහු වයඹ පුරවරයට අයත් රාජධානි බල ප්‍රදේශයක ප්‍රසිද්ධියක් උසුලන ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකි.


දෙදෙනාම ධනවත් පවුල්වල සාමාජිකයෝය. 


මඟුල් කපුවකු සම්බන්ධ වී මංගල කටයුත්ත සිදුකර තිබේ. ජයටම මංගල උත්සවයේ කටයුතු සිදු කෙරුණි. 


මනාලයාගේ නිවසේ නැවතුණු මනාලිය අමතන්නට මනාලයා හා එම පාර්ශවයේ පිරිස් කටයුතු කළහ.


මොන උපාධිය තිබුණත් කිසිම රැකියාවක් කරන්නට බැහැ. තම මව්පියන්ට සලකාගෙන අනාගත දරුවන් ද රැකගෙන ගෘහණියක ලෙසට තම වගකීම් ඉටුකළ යුතුයි. එසේ කීවත් ටික දිනකට පසුව නිවසේ වැඩපල කර ගැනීමට මනාලියට වැඩකාරියක අවශ්‍ය විය.


ඊට හාත්පසින් මනාලයාත් ඒ පාර්ශ්වයේ අයත් විරුද්ධ වූහ. 


තම ස්වාමියාටත් ඔහුගේ මවට හා පියාටත් තමා අතින්ම කෑම බීම සැකසිය යුතුය. ඒ සඳහා වැඩකාරියන් අවැසි නැත. ඔවුන්ගෙන් ඇයගේ ඉල්ලීමට දැඩි විරෝධය එල්ල විය.


උපතේ සිට සැපට හැදුණු මගේ සහායට ආයලා නැති නම් ඒ බර වැඩ මට කරන්න බෑ කී මනාලිය තමාගේ මව්පියන් වෙත යාමට අදිටන් කළාය.


දුවේ නුඹ යනවා නම් පලයන් අප ආයේ නැවත කැඳවාගෙන යන්න නම් එන්නේ නැත. අපිට නුඹේ අතින් කෑම බීම සපයා නුඹේ අතින්ම උපස්ථාන කරන්න බැරි නම් නුඹත් අපිට එපා. ඔවුහු ඇයට පිළිතුරු දුන්හ.


ඒ අනුව ඇය ගෙනා දැවැදි ද සමගින් තම මව්පියන් වෙතට නික්ම ගියාය. මනාල පාර්ශ්වය ද ඊට කිසිදු විරෝධතාවයක් නැතිව ඒ දෙස බලා සිටියහ. 

(මොරගොල්ලාගම සිසිර කැලේගම) 

 



අදහස් (0)

මඟුලේ උණුසුම යන්න කලින් මනාලිය ගෙදර ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site