IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාල වියේ අයියයි මල්ලියි වයස එකතුකර සිගරැට් ගන්න කඬේ ගිහින්

 අගනුවර මරදාන පැත්තේ කුඩා ලෑලි කඩයකි. ඒ අසලට පැමිණි කොලු ගැටයකු පාන් රත්තලක් ඉල්ලා රුපියල් පනහක් මුදලාලිට දිගු කළේය. “ළමයෝ පාන් රාත්තල රුපියල් හැටයි. තව දහයක් ඕනෑ මුදලාලි කීය. ඒ සමඟම කොලුවා දුම්වැටියක්ද ඉල්ලුවේය. “උඹේ වයස කීයද”මුදලාලි ඇසූ විට “දහසයයි” ඔහු කීය. වයස විස්සට අඩු අයට සිගරට් දෙන්නෙ නෑ මුදලාලි කීවෙන් ඔහු රුපියල්  පනහ කඬේ තබා ගෙදර දිවගියේ ඉතිරි රුපියල් දහය ගෙන එන්නටය. ඔහු තම මල්ලිද සමඟ විත් ඉතිරි රුපියල් දහය ගෙවා පාන් ගෙඩිය ගෙන මල්ලිට දුන්නේය.


“දැන් සිගරැට් එක දෙන්න” ඔහු කිසියම් මුදලක් මුදලාලිට දිගු  කළේය.“ සැරයක් උඹට කිව්වනේ වයස විස්සට අඩු යට සිගරැට් දෙන්නෙ නෑ කියලා” මුදලාලි සැරවිය.“මට දාසයයි. මෙයාට අටයි දැන් එකතුව  විසිහතරයි. ඉතිං පාන් ගෙඩියට සල්ලි එකතු  කළා වගේ අපේ වයස එකතු කරලා සිගරැට් එක දෙන්න. ඔහු කීවෙන් මුදලාලිට තරු පෙනුනාලු. 

තිහගොඩ උපසේන ලියනගම



අදහස් (0)

බාල වියේ අයියයි මල්ලියි වයස එකතුකර සිගරැට් ගන්න කඬේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site