ගුරුවරයෙකි, මැදිවියේය, සැමියෙකි. ඔහුට නිර්ණාමික දුරකථන පණිවුඩ, කෙටි පණිවුඩ, නිර්නාමික ලිපි යනාදිය ඔස්සේ පණිවුඩ ගලා එති. ඔහුගේ බිරිය ඉඩහසර ලැබෙන විට තම ප‍්‍රථම පේ‍්‍රමයේ සොඳුරු ආශ්වාදය රහසින් විඳින බව ඒ පණිවුඩවලින් කියැවිණි. පසුගිය දිනක සැමියා සුපිරි හෝටලයක මංගල සාදයකට බිරිය සමග ගියේය. එහිදී ඔහුට ජේත්තුවට ඇඳගන කණුවකට හේත්තුවී සිටි තරුණයකු ඇස ගැසුණේය. වැඩි අවධානයෙන් ඔහු තරුණයා දෙස බලා සිටියේය. බිරියගේ පරණ ආදරවන්තයා ඔහුය. විශේෂයෙන් ඔහු ඇඳගන සිටි කමිසය තමාගේ කමිසයක වර්ණය හැඩය හා වර්ගයත් ඔහුට එක්වරම මතකයට ආවේය. මගේම කමිසේ වත්ද මූ අගේට ඇඳගන උගේ වගේ ඉන්නේ යැයි සිතින් සිතුවේය. ඒත් බිරියට දැනෙන්න වෙනසක් නොපෙන්වා සාදයෙන් සමුගෙන බිරියත් සමග නිවෙසට ගියේය. ගෙදර පැමිණි විගස තවත් ගමනක් යන්න තියනවා කියා එම කමිසය සොයන්න පටන්ගත්තේ කෝ මගෙ අර අළුපාට කමිසේ කොහෙද අයිසේ ඒක තිබ්බේ? යනුවෙන් අසමිනි. බිරියට කරුණු අවබෝධ විය. එනපොට හොඳ නැති බවද දැනිණි. ඇය ඇත්ත කීවාලූ. මීට පස්සේ පැත්ත පළාතක ඔහුට එන්න නොදෙන බවට පොරොන්දු වුනාලූ. යළිත් වැරැද්දක් කළොත් මැරුවත් කමක් නෑ කියා සමාව ගත්තාලූ. ඒ කමිසේ මගෙන් තෑග්ගක් කියා ඌටම දෙන්නැයි කීවාලූ. දෙන්නා දැන් හොඳින් ජීවත්වෙනවාලූ.