IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා

(විශ්ව ගැමුණු ප‍්‍රියංකර)
වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි.


‘‘නංගී ඔයා ලබන මාසයේ වෙන තැනකට යනවා කියලා කිව්වා ඇත්ත ද?’’ බෝඩිමේ හිමිකාර කාන්තාව ඇයගෙන් එසේ විමසූයේ ඒ වන විටත් එම නවාතැන දැනටත් වඩා වැඩි ගණනකට කිහිප දෙනකුම ඉල්ලා ඇති හෙයිනි.


තැරැව්කරුවන් මාර්ගයෙන් ලැබුණු තොරතුරු අනුව වසර අවසාන වීමත් සමඟම නව වසරේදී සිය නවාතැන දැන් ඇති ගණනටත් වඩා රුපියල් දහසක් වැඩියෙන් කුලියට දිය හැකි නිසා ඇය එසේ උනන්දු වූවාය.


”ඔව් අක්කේ මේ කිට්ටුවම තැනක් මට යාළුවෙක් කිව්වා. එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ලූ. පඩි ගත්තම ඇඞ්වාන්ස් එකකුත් දෙන්නයි හිතා ඉන්නේ.”
බෝඩිම හිමිකාර කාන්තාවගේ වදන්වලට නොදෙවැනි වන සේ ඇය ද එසේ පැවසූයේ තමාට ද අගනුවර  ඕනෑ තරම් හිතවතුන් ඉන්නා බව අඟවමිනි.
පසු දිනය උදා වී එදින සවස් වූයේය.


බෝඩිම සොයා ආවේ බ්‍රෝකර්වරයෙකි.


”මිස් මම දන්න මිස් කෙනෙකු තමයි මේ බෝඩිමට එන්න සූදානම් වෙන්නේ. ගතිගුණ හොඳයි. ගම්පළාත ටිකක් දුරයි. සතියකට දෙකකට සැරයක් තමයි ගමේ යන්නේ මිස්. මගේ ගානත් තියලා එහෙනම් වැඬේ කතා කරගන්න. මෙන්න මේ අංකයට කතා කරන්නකෝ.”


එසේ කියමින් බ්‍රෝකර්වරයා දුරකතන අංකයක් ඇය අතට පත් කළේය.


”ම් ම් හොඳයි” ඔහු පිටත් වූ පසුව විනාඩි කිහිපයකින් බෝඩිම හිමිකාර කාන්තාව දුරකතනයට ඇමතුමක් ගැනීමට අංක එකින් එක සිය ජංගම දුරකතනයේ තද කළේය.


අවසානයේ ඇමතුම සම්බන්ධ වන ස්විචය තද කළේය.


තම ජංගම දුරකතනයේ ඒත් සමඟම ප‍්‍රදර්ශනය වූ නම දැකීමෙන් ඇයගේ ඇස් උඩ ගියාය.


බ්‍රෝකර්වරයා ලබාදුන් අංකය මේ වනවිටත් සිය නවාතැනේ සිටිනා තරුණියගේමය.


”අනේ අම්මාපල්ලා මේ කෙල්ලට සල්ලි වැඩිවෙලා මට කිව්ව නම් කලින් ගානටම මම ඉන්න දෙනවා නේ. දැන් ඉතින් බ්‍රෝකර් ගාස්තුත් එක්ක ගෙවපන්කෝ.....”


ඇය නිහඬව සවස් වන තුරු සිට එදින සවස බෝඩිමට පැමිණි තරුණිය සුපුරුදු පරිදි පිළිගත්තාය. වෙනසක් වූයේ මාසික ගාස්තුව පමණි.



අදහස් (0)

බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site