කඹුරුපිටිය - ප්‍රීති ජයවර්ධන
සෑම වසරකම රුක් රෝපණ වැඩසටහන් පාසල් මට්ටමෙන් සහ විවිධ ආයතන මට්ටමින් දිවයිනපුරා ක්‍රියාත්මක කෙරේ.
ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය පිරිමි පාසලක වාර්ෂිකව මෙවැනි රුක් රෝපණ වැඩසටහන් මහත් උත්සවශ්‍රීයෙන් ක්‍රියාත්මක කෙරිණි.
එසේ සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එක්තරා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට ඊළඟ වසරේද රුක් රෝපණ වැඩසටහනට සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණි.
ඒ අනුව විද්‍යාලයට ගිය ආරාධිත අමුත්තා පැළයක් රෝපණය කිරීම සඳහා සකස් කර තිබූ ස්ථානයට කැඳවාගෙන යනු ලැබිණි. තමා කලින් වසරේද රුක් රෝපණ උත්සවයේදී පැළයක් රෝපණය කළේ මෙම වළෙහිම බව ආරාධිත අමුත්තාට පැහැදිලිව දක්නට ලැබුණි.
රුක් රෝපණ වැඩසටහන් වලදී සිටුවන පැළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සහ ශාකය හැදීමට අවශ්‍ය පොහොර සහ ජලය නොදීම නිසා සිටුවන පැළ සුළු කලකින් මැරී යාම හේතුවෙන් පැළ නැවත නැවත සිටුවීමට සිදුවන බව ආරාධිත අමුත්තාට සිහිපත්විය.
මේ නිසා වසරක් පාසා රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කරනවාට වඩා සිටුවන පැළ නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් රටේ වනගහනය මීට වඩා කිහිප ගුණයකින් වැඩිකරගත හැකිවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැළේ වළ දැකලා ආරාධිතයා හොල්මන් වෙලා
dhamseth Monday, 25 June 2018 10:53 AM
රුක් රෝපණය සඳහා මා ඉතාමත් ඵලදායක ක්‍රමයක් අනුගමනය කලා. කාර්යමණ්ඩලයේ 96 දෙනාටම පැලය බැගින් දුන්නා පැල 100ක් ගෙන්වාගෙන. පාසල් වත්තේ පැල සිටවිමට සැලැස්මක් සදා ස්ථාන ලකුණුකර දුන්නා. අපි කරන්නේ රුක් රෝපණය පමණක් නොවෙයි, රුක් වගාවක් කරනවා කියා දරුවන්ගේ සහය ඇතිව පැලවලට සාත්තු කරන්න කියා .කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඉතාම කැමැත්තෙන් කාර්ය පටන්ගත්තා. මා එම පාසලෙන් ස්ථාන මාරුවක් ලබා යනවිට එම ගස් ඉතා හොදින් වැඩෙමින් තිබුනා මගේ කාර්ය මණ්ඩලයට හා දරුවන්ට පිං සිදුවන්ට.