(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
සුපිරි හෝටලයක පැවැති සුපිරි මංගල සාදයේ පෝරුවේ චාරිත්‍ර කරද්දී පැන්කෙණ්ඩියේ අවුලකින් මංගල සාදයම කැළඹුණු කතාවක් වයඹ පළාතෙන් අසන්නට ලැබුණි.
මුදල් යහමින් ඇති පවුල් දෙකක මනාලයා හා මනාලියගේ නැදෑ පිරිස එක්වී සුපිරි හෝටලයක විහාහ මංගල්‍යය පැවැත්වීමට තීරණය කළහ.
නියමිත නැකැත් දිනය උදාවිය. 300ක පමණ නැදෑ පිරිසක් හා හිතවත්හු හෝටලය වෙත පැමිණෙමින් සිටියහ.
පෝරුවේ චාරිත්‍ර ආරම්භ වූයේ ස්තෝත්ර කියන්නාගේ උපදෙස් මතය. දෙපාර්ශ්වයේ මවුපියන් ටයි කෝට් ඇඳි මහත්වරු පෝරුව අසලට එක්රොක් වූහ.
මංගල අවස්ථාව වීඩියෝ කරන්නෝත්, ඡායාරූප ගත කරන්නෝත්, තම රාජකාරිය අකුරටම ඉටු කළහ.
මනාලයාගේ හා මනාලියගේ දෑඟිලි බැඳ පැන්වත්කරන අවස්ථාව වීඩියෝ ගතවෙමින් තිබිණි. විදුලි කොටන්නාක් මෙන් විටින් විට කැමරා පහකින් හයකින් දෙපාර්ශ්වයේ ඉල්ලීම පරිදි ඡායාරූප ශිල්පීහු මොහොතක් පාසා ඡායාරූප ගත්හ. වීඩියෝ ගත කළහ. ස්තෝත්ර ගායනා කරන්නා පැන්කෙඩිය ඉල්ලා සිටියේය. අසල සිටි නැදෑයින් කසු කුසු ගාමින් එහා මෙහා දිවගියේ හිස කසමිණි. මනාලියගේ මව ඉතා අලංකාරවණ රන් කෙන්ඩියක් ස්තෝත්රකරු වෙත ලබාදුන්නේ කාගේත් අවධානයට යොමු වෙමිනි.
ස්ත්රෝත්ර ආරම්භ කරමින් පැන් වත්කිරීම ආරම්භ විය. කෙණ්ඩිය කොපමණ පහත් කළද ඉන් පැන් වැටෙන බවක් දන්නට නැත. පෝරුවේ චාරිත්‍ර දෙස බලා සිටි නැදෑයින්ට මෙය කුතුහලයකි. වට පිට බැලූ මනාලිය හා මනාලයා අසලවූ වැඩිහිටියන්ට කනට කර යමක් කී බවක් දක්නට ලැබුණි. සියල්ලන් කසු කුසු ගාමින් අඳුරු වූ මුහුණු ඇතිව සිටින්නට විය. පසුව හෙළිවූයේ කලින්දා පැන් කෙණ්ඩිය භාරව සිටි ඥාතියා හොඳටම සූර්වී සිටි නිසා එයට පැන් පුරවා තබන්නට අමතක වී තිබූ බවය.
මංගල සාදයම නැදෑ පිරිස අතර බහින්බස් වීම හේතුවෙන් දෙපාර්ශ්වයේම සතුට නැතිවී ගියේය.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැන් කෙණ්ඩියක් සුපිරි මඟුලක් කලඹයි