IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නින්දේ පසුවූ තරුණයෙක් බස් රියකට ගිනි තියලා

(කඹුරුගමුව - තරංග ගුණරත්න)

ගාල්ලේ සිට වඳුරඹ දක්වා ධාවනය වූ බසයක දැඩි නින්දක පසුවෙමින් ගමන් ගත් තරුණයෙක් බසය ගිනි ගන්නවා යැයි එකවර මහා හයියෙන් කෑ ගැසීම නිසා බසයේ ගමන් ගත් පිරිස බියට පත්වීමේ පුවතක් වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


මාතර පෙදෙසෙහි පිහිටි තරුණයන් පමණක් සේවය කරන එක්තරා පෞද්ගලික ආයතනයක දිවා කාලයේ සේවය හමාර කළ අය නැවත රාත්‍රි නිවෙස් වෙත ගෙනයනු ලබන්නේ බස් රථ මගිනි.


සුපුරුදු පරිදි රාත්‍රි මාතර සිට ගාල්ල වඳුරඹ බලා පිටත්වූ බස් රථයේ එම ආයතනයේ සිට වඳුරඹ බලා ගමන් ගන්නා තරුණ පිරිස පමණක් ගමන් කර ඇති අතර එහිදී එක් තරුණයකු තද නින්දකට වැටී තිබිණි.


ගමන අවසානය ළං වෙන්න ආසන්නව තිබියදී එම තරුණයා බස් එක ගිනි ගන්නවා යැයි නින්දෙන් මර හඬින් ළතෝනි දුන්නේය.


එහිදී බස් රථ රියැදුරු බස් රථය නවතා ඇති අතර එම හඬට බියටපත් අනෙක් තරුණ පිරිස බස් රථයෙන් හනි හනිකට පැන ගැනීමට යද්දී බියට පත් තරුණයාද අනෙකුත් තරුණයන් පෙරළාගෙන බස් රථයෙන් පැන ගැනීමට කටයුතු කර ඇත.


එහිදී එක් තරුණයකු බිමට වැටී තුවාල ලබා තිබිණි. කෙසේ වෙතත් බසයේ ගින්නක් ඇතිවී නොතිබුණි.



අදහස් (0)

නින්දේ පසුවූ තරුණයෙක් බස් රියකට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site