IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නැන්දම්මා පැන්නීමේ ‘බිස්නස් එකෙන්’ බෑනාත් දුවත් කබලෙන් ළිපට

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
මව පදිංචිව සිටි නිවස ඇයට හොරෙන් දියණිය සහ බෑනා විසින් වෙනත් අයෙකුට බද්දට දීම හේතුවෙන් අධික මිලකට වෙනත් නිවසක්  බද්දට ගෙන මවට ලබාදීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


 කාන්තාවක් මෙලෙස තනිවම සිය මහ ගෙදර ජීවත්වී ඇති අතර එම නිවස විශාල ආර්ථික වටිනාකමකින් යුත් නිවසක් බව පැවසේ. ඇයට දූ දරුවන් කිහිපදෙනකු සිටින අතර ඒ සියලුම දෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරතවෙති. වැඩිමහල් දියණිය සහ බෑණා මවගේ නිවසට නිතර එන යන අතර එම භූමියේ ආර්ථික වටිනාකම ගැන කල්පනා කර  මව තම නිවසට රැගෙන ගොස් එම නිවසින් අාදායමක් ලබාගැනීමට ඔවුහු සැලසුම් කළහ.


කාන්තාව දියණියගේ නිවසේ ටික කලක් ජීවත් වූ අතරතුර දියණිය සහ බෑණා මව සිටි නිවස අලුත්වැඩියා කර කුලී පදනම මත පිරිසකට බදු දුන්හ. දියණියගේ දරුවන් නවීන පන්නයට හැඩගැසී ඇති අතර ඔවුන්ගේ හැසිරීම් රටාව  මිත්තණියට එපා වීම නිසා තම නිවසට රැගෙන යන ලෙස දියණියට සහ බෑණාට ඇවිටිලි කළද ඔවුහු එය ගණන් නොගෙන තම කටයුතු කර ගෙන ගියහ. නිවසේ  කිසිවකුත් නැති අවස්ථාවක මෙම කාන්තාව හොර රහසේම පිටත්ව තම නිවසට ගොස් ඇති අතර නිවස ඉබියතුරු අගුළු දමා තිබීම පිළිබඳව අසල්වාසීන්ගෙන් විමසා ඇය සියල්ල හෙළිකර ගෙන තිබේ.


 කාන්තාව තමන්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරියකුට පැමිණිලි කර ඇති අතර එම නිලධාරියා කඩිනමින් දියණිය සහ බෑණා සිය කාර්යාලයට කැඳවා සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇති බවත් මවට නිදහසේ සිය නිවසේ සිටීමට අවශ්‍ය වාතාවරණය ඇති කරන ලෙසට එම නිලධාරියා තරයේ අවවාද කර  මව දියණියගේ නිවසට හෝ වෙනත් දරුවකුගේ නිවසට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා  වෙනත් නිවසක් ඉහළ මිලකට කූලි පදනම මත ලබාගෙන මව එහි නතර කිරීමට දියණියට හා බෑණාට සිදුව ඇත.



අදහස් (0)

නැන්දම්මා පැන්නීමේ ‘බිස්නස් එකෙන්’ බෑනාත් දුවත් කබලෙන් ළිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site