එය කොළඹ සිට මහනුවර බලා ධාවනය වන බස් රථයකි. බස් රථයේ බාගයක් පමණ මගීන්ගෙන් පිරී ඇත. හදිසියේම වගේ අතින් කටින් ගමන්මලූ උසුලාගෙන කොළඹ පන්නයට කලිසන් ඇඳ ගත් කන්තාවක් බස් රථයට ගොඩවූවාය. ඈ පැමිණ සිටියේ තම සිඟිති පුතු සමගය. ඈ බස් රථයට ගොඩවූ පසු මුලූ බස් රථයම විලවුන් සුවඳින් පිරී ගියේය. බස් රථයේ අසුනක හරි බරි ගැසී වාඩිවුණු කාන්තාවගේ කථාව තොර තෝංචියක් නැතුව ඉංග‍්‍රීසියෙනි. ඈ කථා කළේ තම පුතු සමගය. සිඟිති පුතු මවගේ කථාවට උත්තර දෙන්නේ සිංහලෙනි. බස් රථයට ගොඩවුණු වෙළෙන්ඳන් ගෙන එන සියලූ දේවල් පුතු ඉල්ලා සිටී. හොඳ බබා වගේ ඉන්න ”නෝටි” වෙන්න එපා ඇය කීවේ ඉංග‍්‍රීසියෙනි. ”මට බඩ ගිනී” පොඩි පුතු කියයි. ”ඩඩා” නුවර ස්ටේෂන් එකේ අපි එනකං කාර් එකත් තියාගෙන ඉඳී. අපි නුවර ගියාම මොනව හරි කමු” ඈ කීවේ ඉංග‍්‍රීසියෙනි. මේ අතර බැලූම් කාරයෙක් බස් රථයට ගොඩ විය. ”අම්මේ මට බැලූං එකක්නම් ඕනමයි” පොඩි පුතු කියයි. ”මම එක සැරයක් කීවනේ ”නෝටි” වෙන්න එපා මව ඉංග‍්‍රීසියෙන් කියයි. ”බැලූං එකක් අරං දීපිය” පොඩි පුතු තරහින් කියයි. පොඩිපුතුගේ කථාවට බස් රථයේ සිටි සියලූ දෙනාම උපහාසයෙන් ලෙස සිනා සෙති. කම් විල් ගෝ.. ඉන් ඒ ටැක්සි (එන්න අපි කුලී රථයකින් යමු) යයි කී කාන්තාව පොඩි පුතුද අතින්අල්ලා ගෙන බස් රථයෙන් බැස නොපෙනී ගියාය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
නෝටි නෝනා.... (නි)
නියම කොල්ලෙක්. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්... (නි)
අද අපේ රටේ සදාචාරයක් නැතිකමිනුයි මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
උසස් වීමක් (දී)
ළමයිත් සංස්කෘතියට අනුව හැදුවනම් ඔහොම වෙන්නේ නෑනේ (ස)
අයියෝ සල්ලි
ඒකනේ අපි සුද්ද සිංහලෙන්ම කතා කරන්නේ (ස)
මේ කතාව මීට ඉස්සර මම කියවල තියෙනවා (ස)
මට මතක් වෙන කොටත් හිනා යනවා දී)
පුතාගෙන් අම්මට හොඳ පාඩමක් (ස)
අම්මගේ පණ්ඩිතකමට පුතාගෙන් හොඳ පාඩමක් (ස)
නියම වැඩේ (දී)
එහෙම වෙන්නේ ඇයි.. අයි ඩොන්ට් නෝ වයි.?(නු)
මේ කතාව මීට අවුරුදු ගණනකට කලින් මම අහලා තියෙනවා.. පුවත්පතකින්ම.(නු)
වලිගෙ නහගන්න යනවනේ (දී)
ඕක තමයි කියන්නේ සිංහලෙන් ඉපදිලා ඉංග්‍රීසියෙන් මැරෙන්න හදනවා කියාලා (ස)
අනේ පව් ඉතික් , ඔය වගේ බොරු සෝබන පෙන්වන්න හදන අය අද සමාජයේ කොච්චර ඉන්නවද ? (ස)
අපේ අය (විශේෂයෙන්ම සිංහල) හිතන්නෙ ඉංග්‍රීසියෙන් කතාකරන එක මහා ලොකු දෙයක් කියල. මට සෞදියෙදි හමු වුණා ඉරිත්‍රියානු ජාතිකයෙක් ඔහුගෙන් ඉංග්‍රීසි බැරිද කියල ඇහුවම මට බැහැ මට පුලුවන් අරාබි පමණයි කියල ඔහු උත්තර දුන්නෙ හරිම අහංකාර විදිහට. ඒ තරමට ඒ අය එයාලගෙ භාෂාව අගය කරනවා. (ස)
ඉංග්‍රීසි කතා කරනකොට හිනා වෙන්නේ මෙන්න මේ වගේ මෝඩයෝ.....කවදාවත් සුද්දෙක් හිනාවෙන් නෑ සිංහලයෙක් ඉංග්‍රීසි කතා කරලා වැරදුනාට.....මමත් නියම ගමේ සිංහලයෙක්....ඒත් එදිනෙදා වැඩ කර ගන්න රටේ සමාජෙ වෙනස් වීම දියුණුවත් එක්ක තව භාෂාවන් ඕන වෙනවා... (ස)
කලු සුද්දියන් නිසා සිදුවන වින්නැහියට මෙය කදිම නිදසුනක්. (නි)
අන්න නියම කතාවක්. අපේ දේ කලානම් ඉවරනේ (දී)
සිංහල භාෂාව තමයි උපන් භාෂාව අපේ (දී)
අකිල පණ්ඩිත වෙන්න එපා. එකම දේ ප්‍රකාශ කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම භාෂාවක තියෙනවා (ස)
මට හිනා යනවා (දී)
අකිල , රත්න , දන්න දෙයක් කතා කරන්න (ස)
නියමයි පොඩි කොල්ලෝ. (නි)
ළමයාගේ අම්මා වෙන කෙනෙක්ද ? (ස)
අම්මා ව්‍යක්ත ඉංග්‍රීසි උගැත්තියක් වියහැකි ලෙසම දරුවා ඉංග්‍රීසි දැනුම ඉතා අඩු අයෙක් වියහැකිය. (නි)
සුපිරියි. නියම පුතෙක්. අම්මට හොද වැඩේ. (නි)
අයියෝ ඉංග්‍රීසි
හොද වැඩේ (දී)
සිංහලයා සිංහල තාලෙට වැඩ කලානම් ඉවරයිනේ (දී)
අපේ දේ අපිට වටිනවා (දී)
විකාර වැඩ
අනේ අපොයි කියන්න දෙයක් නැහැ. මොකද මේවා දැන් හැමතැනම වෙනවා. බිත්තර කටු හොයන්න වෙයි වගේ (දී)
ඉංග්‍රීසි කතාකරන්න කව්රුවත් උපතින් දන්නේ නෑ... මේ ළමයාගේ අම්මා ළමයට ඉංග්‍රීසි පුරුදු කරන්න උත්සාහ කරනවා ඇති... ඒකේ කිසිම වැරද්දක් නෑ... තව අවුරුදු කිහිපයකින් ළමයා හොඳට ඉංග්‍රීසි කතා කරාවි... ඔය කොමෙන්ටු දාපු ගොඩාක් අයට ඉංග්‍රීසි බැරිබව තේරෙනවා.... ඔයාලත් අඩුගානේ පන්තියකට ගිහින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.... (ස)
හොද වැඩේ.... හොද වැඩේ (දී)
ඉතාලි ඉන්න ලංකාවේ අයට ආපහු ලංකාවට ආවහම මේ ලෙඩේ උත්සන්න වෙනවා. (නි)
නියමයි. (නි)
මේ ළමයේ දෙමාපියෝ ගෙදර කතාකරන විදිය වෙන්න ඇති (ස)
ළමයගේ අම්මා ඉංග්‍රීසි කාන්තාවක් වෙන්න උත්සාහ ගන්නවා වගෙයි මට පේන්නේ (ස)
අපි මේවට කියන්නේ “බොරු සෝබන“ කියලයි. (නි)
බොරු සෝබන ඇති කොළඹ අයට පාඩමක්... (නි)
‘ඉන්න ටැක්සි‘ නෙමෙයි ‘බයි අ ටැක්සි‘ (ස)
හොද උත්සාහයක්. ඔය භාෂාව නැතුව අද අපේ රටේ සුපර් මාර්කට් එකකටවත් යන්න පුලුවන්ද? (නි)
නොදන්නා දේට වඩා දන්නා දේ හොදයි
මොකද්ද ඉතින් මම කියන්නේ හොද වැඩේ කියලා කියුවොත් (දී)
සාධු.... සාධු.... හොදම වැඩේ . ගොඩ සුද්දට (දී)
ළමයෙකුට බැලුමක් අරන් දෙන්නවත් අකමැති අය ඕනිතරම් ඉන්නවා (ස)
අම්මගේ අතේ සල්ලි නැතිව ඇති . ඒකයි බැහැල යන්න ඇත්තේ (ස)
" ඉන් අ ටැක්සි නෙමේ බයි අ ටැක්සි". නේද ??(ස)
අරන් හදාගත්ත ළමයෙක් වෙන්න බැරිද? (නි)
විහින් පටි රෝල් කර ගැනීමක්. මේක උද්දච්ච සැමට හොඳ පාඩමක් (ස)
ඔය හරි බන්ඩාර (ස)
අයියෝ සල්ලි
අපි නිතරම අපේ දේ අගය කරමු (දී)
නොදන්නා දේට වඩා අපී දේ වටිනවා නේද (දී)
මට නම් හිතෙන්නේ ළගදී පොහොසත් වුණු කෙනෙක් කියලයි. (නි)
මටනම් ඉතින් හිනා යනවා (දී)
සමහරුන්ගෙ කමෙන්ට් වලට හිනත් යනවා. (දී)
ඉතිං අම්මා දරුවා එක්ක ඉංග්‍රීසියෙන් කතා කළහම මොකද වෙන්නෙ? දරුවට හුරු කරනවා වෙන්න ඇති. නිකන් පොශ් වෙන්න හදන අයට නම් කවුරුත් කැමති නැහැ තමයි. මේවට හිනාවෙන්නෙ මොන වගේ මානසිකත්වයකින්ද කියලා මට හිතාගන්න බැහැ. (නි)
හිනාත් යනවා, දුකත් හිතෙනවා. (නි)
ළමයාගේ අනාගතයට දෙයියන්ගේම පිහිටයි. (නි)
මේ ළමයා ගෙදර කතාකරන්නේ සිංහල වෙන්න ඇති. (නි)
චන්ද්‍රසිරි, ළමයි ඉල්ලන හැමදේම දියයුතු නැහැ. අඬන අඬන වාරයක් පාසා කිසිදෙයක් අරන් දෙන්නත් හොඳ නැහැ. එතකොට ළමයා දෙමාපියන්ට ඕන විදියට හදාගන්න බැහැ. දෙමාපියන් ළමයට ඕනෑ විදියටයි හැඩගැසෙන්නේ. (නි)
විකාර වැඩ (දී)