දකුණු පළාතේ ප්‍රධාන උසාවි සංකීර්ණයකි. ඉඩම් ගැටලුවක් පිළිබඳ නඩුවක් බාර දීමට ආ මැදිවියේ වූවකු ඉඩම් ඔප්පුව නීතිඥවරයාට දී කීවේ තමා සහ තම සහෝදරයා අතර උරුමය පිළිබඳ ගැටලුවක් නිසා මේ නඩුව පවරන බවකි. ඔහුට කාර්යාලයේ සිටින ලෙස දැනුම් දී නිතීඥයා ඔප්පුව රැගෙන ලේඛනාගාරයට ගියේ තොරතුරු විමසීමටය.
මොහොතකට පසු ලේඛනාගාරයෙන් එළියට එන විට එතැන සිටි ඔප්පු හිමිකරුට එය දී “යමු” කියා කඩිනම් ගමනින් කාර්යාලයට ගියත් ඔහු තමා පසුපසින් ආවේ නැත. කාර්යාලයට ගිය විට එතැන ඔප්පු හිමිකරු සිටිනු දුටු ඔහුට තරමක තැති ගැන්මක් ඇති විය. ඔහු “කෝ සර් ඔප්පුව” කියා විමසූ විට “ඇයි මම උසාවිය ඉස්සරහදි දුන්නේ” කීවේ විමතියෙනි. “හත් දෙයියනේ එහෙනම් සර් වැරදිලා, මං කියලා හිතාගෙන මල්ලිට ඔප්පුව දීලා. එයත් හැඩරුවෙන් මං වගේම තමයි. අද එයත් උසාවි ආවා” කීමෙන් නීතීඥවරයාට තරු පෙනිණ. වහාම ආපසු ගොස් ඔප්පුව දුන් කෙනා හෙව්වත් සොයා ගැනීමට බැරි වුණාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුබ සහ යස" මතක්වුණා (නි)