IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නැටුම් ගුරුවරිය කාමරයේ සිටිද්දී ඉබ්බත් දමා දොර වහලා

පාසල නිමවා පාසලින් පිටවන්නට සූදානම් වූ මොහොතේ ගුරුවරිය පන්ති කාමරයක දමා දොර වසා යාමෙන් වූ අකර තැබ්බයක් පිළිබඳව සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පාසලේ ගුරු විවේකාගාරයක් නොමැති අතර කෝකටත් තෛලය ලෙස සෑම දෙයකටම භාවිත කරනුයේ නැටුම් කාමරයයි. ගුරුවරියන්ගේ ගමන් මල්ල, පොත් බෑගය සහ වතුර බෝතලය ආරක්‍ෂා සහිතව තබායන්නේ මෙම නැටුම් කාමරයේය. සුපුරුදු පරිදි එදින පාසල නිමාවුණ මොහොතේ අවසානයට නැටුම් කාමරයෙන් පිටවන ගුරුවරිය තමා යැයි සිතා එක් ගුරුවරියක් නැටුම් කාමරයට ගියේ පාසල අසල ඇති බස්රථ නැවතුමේ නවතා ඇති බස් රථය දැක එය මග හැරේවි යැයි සිතා ඉක්මනින් තම බෑගය රැගෙන බස්රථයට දිවයෑමටය.

තවත් ගුරුවරියක නැටුම් කාමරයට ගිය බව නොදුටු ගුරුවරිය තම බෑගය රැගෙන කාමරයේ දොරට ඉබියතුරු දමා තදකර පාසලින් පිට වී බස්රථයට දිව ගියාය. පසුව පැමිණි ගුරුවරිය ගමන් බෑගය රැගෙන කාමරයෙන් පිටවීමට සූදානම් වන විට දොර වසා ඉබ්බා ද දමා ඇති බව දුටුවිට ඇයට දොලොව රත්විය. පාසලේ සියල්ලෝම ඒ වන විට පාසලින් පිටවී හමාරය. හෙට එළිවෙනකම් මට මේකෙ තමයි ඉන්න වෙන්නේ සිතූ ගුරුතුමිය උදව් ඉල්ලා කෑ ගසන්නට වූවාය. ශබ්දය ඇසුණු පාරේගිය සිසුවකු නැටුම් කාමරය අසලට පැමිණ බලන විට ගුරුවරිය සිර වී සිටින අයුරු දැක පාසල අසල සිටින ගුරුවරියකට සිද්ධිය පවසා විදුහල්පතිනිය ද දැනුම්වත් කර විකල්ප යතුරක් ගෙන්වා කාමරය විවෘත කර ගුරුවරිය එළියට ගත්තාය.

(මඩුගල්ල - සේනක බණ්ඩාර, මොනරාගල අතිරේක - කේ.එම්.පී. බණ්ඩාර)



අදහස් (0)

නැටුම් ගුරුවරිය කාමරයේ සිටිද්දී ඉබ්බත් දමා දොර වහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site