IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


දෙපැත්තටම ඔට්ටු අල්ලා විස්සයි විස්සේ ජාමේ බේරාගෙන

ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කරන බවට ජංගම දුරකතනයක් ඔට්ටු ඇල්ලූ තරුණයකු වැරදීමකින් හෝ ඔට්ටුව පරාජය වූවහොත් එම පාඩුව මකා ගැනීම සඳහා අපූරු උපායක් යෙදු බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.

ඔට්ටුවේ මැදිහත්කරු ලෙස කටයුතු කළ රජයේ නිලධාරියකුගෙන් දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.

ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන ක‍්‍රීඩා ලෝලියෙකි. පසුගිය දිනවල පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරග සියල්ලක්ම නැරඹූ ඔහු තරගාවලිය පිළිබඳව සිටියේ දැඩි උනන්දුවකිනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පෙරේදා පැවැති අවසන් මහා තරගය සඳහා පෙර සිටම සූදානම්ව සිටි ඔහු ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරන බවට ඔට්ටුවක් ඇල්ලීමට ද මිතුරන්ට අභියෝග කළේ ඒ සඳහා නවතම වර්ගයේ ජංගම දුරකථනයක් ඔට්ටුවට තබමිනි.

ඔට්ටුව ඇල්ලීමට එකඟ වූ ඔහුගේ මිතුරකු තරගයේදී ඉන්දියාව ජයග‍්‍රහණය කරන බව පවසමින් ගමේ රජයේ නිලධාරියකු ළඟට ගොස් ගිවිසුමක් ද අත්සන් කළේ ඔට්ටුවේ තිරවද්‍යතාව තහවුරු කරමිනි.

ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසා ඔට්ටු දැමුවත් ඔහුගේ යටි සිත පවසන්නට වූයේ ඇතැම් විට ඉන්දියාව ජයග‍්‍රහණය කරනු ඇති බවයි.

ඊට ද විසදුමක් සොයාගත් ඔහු ශ්‍රී ලංකාව පරදින බවට තවත් මිතුරකු සමග එවැනිම ජංගම දුරකතනයක් ඔට්ටුවට දැම්මේ පෙර කී පුද්ගලයා ඉදිරිපිටම තවත් ගිවිසුමක් අත්සන් කරමිනි.

තරගය අවසන් විය. ශ්‍රී ලංකාව දිනන බවටත් පරදින බවටත් ජංගම දුරකතන දෙකක් ඔට්ටු දැමූ තරුණයා එක් මිතුරකුගෙන් ජයග‍්‍රහණය කළ දුරකතනය අනිත් මිතුරාට දී ගොඩින් බේරුණේ යාංතම් බේරුණා යැයි මිතුරන්ට පවසමිනි. මැදිහත් කරුට මත් පැන් බෝතලයක් ලැබිණි.

 



අදහස් (0)

දෙපැත්තටම ඔට්ටු අල්ලා විස්සයි විස්සේ ජාමේ බේරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site