IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දන්සලට ආධාරයට ගංජා පැකට් දෙකකුත්

(හොරොව්පොතාන - පැතුම් දර්ශන)
පොසොන් පොහෝ දින බත් දන්සලක් සංවිධානය කළ හොරොව්පොතාන ප්‍රදේශයේ තරුණ පිරිසකට අමුතුම ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වී ඇත.


සිද්ධිය මෙසේය,


මෙම තරුණ පිරිස පොහෝ දින බත් දන්සල පැවැත්වීමට සූදානම් වී ඒ සඳහා අවට සිටින ව්‍යාපාරිකයන්ගෙන් හා යමක් කමක් ඇති අයගෙන් ආධාර ලබා ගැනීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සති කීපයකට පෙර මතක් කිරීමක්ද සිදුකොට ඇත.


එහිදී සියලු දෙනා පවසා ඇත්තේ එවැනි දේකට ආධාර දීමට තමන් ඉතා කැමැති බවත් පොහොය දිනට පෙර දින පැමිණෙන ලෙසත්ය. ඒ අනුව දන්සල පැවැත්වීමට පෙර දින මුදල් ආධාර එකතු කිරීමට ගිය තරුණ පිරිසට පොරොන්දු වූ පරිදි ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තරුණයන් ආධාර කළ අතර එක් අයෙකු පමණක් අමුතුම තාලයේ ආධාරයක් ලබාදී ඇත. “මල්ලී ඔයාලා දන්නවනෙ මගේ බිස්නස් එක, මට කරන්න පුළුවන් ආධාරය තමයි මම කරන්නෙ. මෙතන පැකට් දෙකක් තියනවා. මම එකක් විකුණන්නෙ පන්සීය ගානේ. ඔයාලා මේ දෙක අරන් ගිහින් කාට හරි විකුණලා දන්සලට රුපියල් දාහක් ගන්න” යැයි පවසා ගංජා පැකට් දෙකක් තරුණයන් අත තබා ඇත. එම සිදුවීමෙන් එම තරුණ පිරිස අන්දුන් කුන්දුන් වී ඇති මුත් දන්සලට ලැබුණු ආධාරයක් නිසා ප්‍රතික්ෂේප කොටද නොමැති බවට වාර්තා වේ.



අදහස් (0)

දන්සලට ආධාරයට ගංජා පැකට් දෙකකුත්

අබය Tuesday, 28 June 2016 10:20 PM

නොගෙන ඉන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 29 June 2016 02:49 PM

මේ බඩු දීපු කෙනානම් නියම මනුෂ්‍යයෙක් (නි)

:       0       0

සිරිපාල Wednesday, 29 June 2016 04:19 AM

හපෝ ඕක නම් විකුණන එකක් නැහැ. අනික දන්සැලට නිදිමරන්නත් එපැයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site