ගෙවත්තේ පොල් ගස්වල කුරුම්බා ඇට්ටි කෑමට පැමිණෙන දඬු ලේනුන් පන්නා දැමීම සඳහා රතිඤ්ඤා දල්වා පොල් ගස් මතට විසි කරමින් සිටි පුද්ගලයෙකු දල්වන ලද රතිඤ්ඤා කරලක් අතේ තබාගෙන අතේ වූ ගිනිපෙනෙල්ල ගස දෙසට විසි කිරීමත් සමඟම අතේ තිබූ රතිඤ්ඤා කරල පිපිරී යාමෙන් අතට හා ඉඟ ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල් ගත කිරීමේ පුවතක් වියලුවේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ගම්බද ප්‍රදේශයකි. තම ගෙවත්තේ පොල් ගස්වල ඇට්ටි කා දැමීමට පැමිණෙන දඬු ලේනුන් පන්නා දමන්නට මේ ගමේ පුද්ගලයෙකු රතිඤ්ඤා දල්වා පොල් ගස් මතට විසි කරන්නට පුරුදු වී සිටියේ රතිඤ්ඤා හඬට බිය වී දඬු ලේනුන් පැන යන නිසාය.
එදිනද ගිනිපෙනෙල්ලක් රැගෙන ගිය හෙතෙම පොල් ගසක ඇට්ටි කමින් සිටි දඬු ලේනෙකු දැක රතිඤ්ඤා කරලක් දැල්වූයේ ගස මතට විසිකරන්නටය.
ඔහු කොතෙක් කලබල වූවේද යත් දල්වන ලද රතිඤ්ඤා කරල යැයි සිතා අතේ වූ ගිනිපෙනෙල්ල හැකි වෙර යොදමින් දඬු ලේනා දෙසට විසිකළේ අනෙක් අතෙන් දල්වන ලද රතිඤ්ඤා කරල තරයේ අල්ලාගනිමිනි.
ගිනිපෙනෙල්ල විසිකිරීමෙන් බියපත්වූ දඬු ලේනා පලා යන දෙස බලා සිටි ඔහු යළි පියවි සිහියට ආවේ කන් බිහිරි කරමින් අතේ වූ රතිඤ්ඤා කරල පිපිරී යාමෙනි.
(වියලුව වාර්තාකරු)
COMMENTS
මේ වගේ දේවල් වෙන්නේ තමන් කරන්නේ මොකක්ද කියලා සිහියේ තබානොගෙන වැඩ කරනකොට තමයි. හැබැයි මේදේම නොවුණත් සමාන දේවල් කාටත් ජීවිතේදී එක සැරයක් හරි වෙනවාමයි. හුඟක් වෙලාවට බස් එකෙන් කෝච්චියෙන් බහින තැන අමතකවෙලා ඊළඟ එකෙන් බහිනවනේ. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය නේද පළදීලා තියෙන්නේ (නි)
1960 ගණන් වල අපේ ගමෙහිටියා පොඩිනේරිස් කියල මිනිහෙක්. ඒ මිනිහා කළේ කොස්ගුලන ගඟේ මාළු අල්ලන එක තමයි.ඩයින මයිට් කියලා වෙඩි වර්ගයක් පත්තු කරලා ගඟට දාල ඒ කම්පනයෙන් මැරෙන මාළු අරන් කන්නයි විකුනන්න්නයි පුරුදු වෙලා හිටිය මේ මිනිහා ගමේ මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වෙලා හිටියේ. දවසක් අර වෙඩි කරලකුත් අරන් ගඟේ මාළු වැඩියෙන් හිටි වලකට මේ ක පත්තු කරලා දාන්න ගිහින් ඔය වගේම වෙඩි කරල පත්තු කරලා ගිනි පෙනෙල්ල ගඟට දාල . අන්තිමට වෙඩිකරල අතේ පත්තුවෙලා අතත් කැඩිලා ඇහැකුත් කන වෙලා බොහොම අසාධ්‍ය වෙලා ගොඩාක් දුරින් තිබුන රෝහලකට ගෙනත්. අන්තිමට ගමට අාවේ එක ඇහැක් සහ අතක් නැති මිනිහෙක්. අපේ ගමේ හිටි පොඩිනේරිස්ලා ගෙන් මේ මිනිහා හඳුන්වන්න කන පොඩිනේරිස් කියලා නමට විශේෂණ පදයක් එකතුවෙලා. මිනිහා හුඟක් දුක් විඳලා මරුනේ.අන්තිමට. (අ)
අපි තව කෙනෙකුට වින කටිනකොට ඒක කැරකිලා අපිටම වදිනවා ඒක ස්වාභාවධර්මයයි.සතෙක් සිව්පාවෙක්ටවත් අහිතක් නොකරන්න, අහිතක් නොසිතන්න.(අ)
මේ පුද්ගලයාගේ නම අතපත්තු වෙන්න ඇති. ඉතින් අතේ පත්තු නේද? (නි)
අභය කියපු විදිහට රතිඤ්ඤා කරල පත්තු වුනානම් ඉතින් අබ සරණයි නේද? (බ)
මම අහලා තියෙනවා සිගරැට් එකෙන් රතිඤ්ඤා කරලා පත්තු කරලා එ්ක කටේ ගහගෙන සිගරට් එක විසිකරපු කතාවක්. (නි)