මාර්ගයේ සිටි සුරතල් බල්ලෙක් යතුරුපැදියක හැපී තුවාල වී බිම ඇදවැටුණි. බල්ලාට නැඟිටගත නොහැකිව වේදනාවෙන් කෑ ගසන්නට විය. ශෝකජනක වූ බල්ලාගේ දසුන දුටු අසල සිටි සමහරු පැවසුවේ බල්ලා මියයන බවය. මේ අතර එතැනට පැමිණි කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් වහාම ත‍්‍රිරෝද රථයකට කතාකොට බල්ලා ඔසවා එතුළට දමා සතුන් සඳහා ඇති රෝහලකට රැුගෙන ගියත් රෝහල වසා තිබුණෙන් වෙනත් රෝහලකට රැගෙන ගියාය.

එහිදී බල්ලාට එන්නත් සහ බෙහෙත් වර්ගද දී තුවාලවලට ප‍්‍රතිකාරද කෙරිණි. බල්ලාගේ තත්ත්වය සුව අතට හැරුණු නිසා ගාස්තුව වශයෙන් රුපියල් එක්දාස් පන්සීයක් ගෙවූ ඇය ත‍්‍රීරෝද රථ රියදුරාටද රුපියල් පන්සීයක් දී බල්ලා අනතුරට මුහුණ පෑ ස්ථානයට ගෙනවිත් ගසක් යට තැබුවාය.

අසල කාර්යාලයක ආරක්‍ෂක නිලධාරියකුට කතා කළ ඇය, ‘‘කවුරු හරි බල්ලාව අරන් යන්න ආවොත් මට දන්වන්න. මම ඉන්නේ අර පේන ඔෆිස් එකේ. බල්ලට දෙන්න  ඕන බෙහෙත් මා ගාව තියෙනවා. අපිත් බල්ලන්ව ඇතිකරනවානේ. මට සල්ලි  ඕනේ නැහැයි’’ පවසා පිටවූවාය.

ස්වල්ප වේලාවකින් බල්ලා අසලට පැමිණි පුද්ගලයෙකි. ඔහු දුටු බල්ලා වලිගය වනන්නට විය. ත‍්‍රිරෝද රථයකට බල්ලා දමනු දුටු ආරක්‍ෂක නිලධාරියා, ‘‘මහත්තයාගේ බල්ලා හැප්පුණා. මිස් කෙනෙක් බෙහෙත් අරන් දීලා දැන් තමයි ගියේ. බල්ලාගේ බෙහෙත් මිස් ළඟ තියෙනවා.’’ පැවසීය. ‘‘හරි හරි මන් පස්සේ එන්නම්’’ කී හාම්පුතා බල්ලා ද රැගෙන නොපෙනී ගියේය. කොළඹදී දැකගන්නට ලැබුණි.