(මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර)
පසුගිය අටවැනිදා ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කා අතරත් තිබුණේ පුදුම විදිහේ උනන්දුවකි. රෝහලේ ලෙඩ ඇඳේ සිටි රෝගී අය පවා උස්සාගෙන විත් ඡන්දය දමා තම ජනාධිපති අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නට ඇතැම්හු උනන්දු වූහ.
මාවනැල්ල හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයෙත් එම උනන්දුව ඒ ආකාරයෙන්ම තිබෙනු දැක ගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම තිබෙනු දැකගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවූ අතර එම පෝලිමේ වැඩි වශයෙන් කාන්තාවන් සිටිනු දැක ගත හැකිවිය. මේ අතර වයස අවුරුදු 70ක් පමණ කාන්තාවක් වුවාය. විටින් විට පෝලිමේ සිටින අතරවාරයේදී පවා තම අතේ තිබූ ඡන්දකාඞ් පත බලමින් කාලය ගත කළ අතර ඇස් පෙනීම තරමක් අඩු මට්ටමක තිබුණු බව ඇය ඡන්දකාඞ් පත බලන ආකාරයෙන්ම අන් අයට නිරීක්‍ෂණය විය. තමන්ට ඡන්දය දැමීමේ වාරය එළඹිණි. අන් අය සේම එහි සිටින පක්‍ෂ විපක්‍ෂ හා රාජ්‍ය නිලධාරීන්ට තම ඡන්දකාඞ් පත හා හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්දය දැමීමට ගියේ එහි තිබුණු ඡන්ද පති‍්‍රකාවක් අතැතිවය. එහෙත් ඇය ඡන්දය දැම්මේ ප‍්‍රමාදයක් ඇති බව තේරුම් ගත් එහි සිටි රජයේ නිලධාරියෙක් මෙසේ විමසීය.
”මොකද අම්මේ පේන්නේ නැද්ද?”
”ඔව් පුතේ කණ්ණාඩිය ගේන්නත් බැරිවුණා මට මේකේ අර පීනන එකා ඉන්න තැනයි බුලත් කොළයයි පෙන්වනවද?
වහාම කි‍්‍රයාත්මක වූ නිලධාරියා එම සලකුණු දෙක පෙන්වා එම මව අසලම සිටියේ තවත් යමක් අසයි දෝ කියා වන්නට ඇත.
එකවරම ඇය මෙසේ පවසන්නට විය.
”හරි පුතේ දැන් යන්න මම දැන් මාගේ වැඬේ කරන්නම්” කියා ඇය තම මනාපය ලබා දුන්නේ එම මධ්‍යස්ථානයේ බොහෝ දෙනෙකු සිනා ගන්වමිනි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
718
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඡන්ද කාඞ්පතේ පීනන එක හොයලා
සරත් Saturday, 17 January 2015 03:29 AM
හොඳ අම්මා. (නදී)
ශාන්ත Monday, 19 January 2015 01:51 PM
ගරු කල යුතු අම්ම කෙනෙක්. ගොඩක් අයට නැති බුද්ධියක් ඒ අම්මට තියෙනවා. ස්තානෝචිත විදියට කාටත් දැනගන්න බැරි විදියට මොලේ පාවිච්චි කරලා තමාගේ ඡන්දෙ දීල තියෙනවා. (නදී)
සා Saturday, 17 January 2015 07:44 AM
අනිවා හංසයාට වෙන්න ඇති .මොකද මාවනැල්ල ගියේ හංසයාට නිසා . හොඳ අම්මා. (අ)