IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගොමත් නෑ ලණුවත් නෑ

(වියලුව වාර්තාකරු)

 ඉහළ නිලයක් දරන නිලධාරියකුට ගවපට්ටි හිමියකු විසින් අපූරු පාඩමක්  ඉගැන්වූ පුවතකි.


 සිද්ධිය  මෙසේය.


 ගම්බද ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. අයාලේ යන ගවයන් නිසා ආයතනයේ මල් වගාවට සිදුවන හානිය පිළිබඳව එහි කම්කරුවන් සිය ආයතන ප්‍රධානියාට පැමිණිලි කළේ ඔහුගෙන්  හෝ කිසියම් විසඳුමක් ඒ සඳහා ලැබේ යැයි තිබූ විශ්වාසය  නිසාය.


“සර් අපි මල් වැව්වත් වැඩක් නැහැ. හරක් ඇවිත් ඔක්කොම පාගනවා.” සේවකයෝ පිරිස කියා සිටියහ. ආයතන ප්‍රධානියාගෙන් ඊට ලැබුණේ කදිම උත්තරයකි.


 “වත්තට එන හරක් ටික ගැටගහමු. හරක් ඕනෑ නම් එක හරකකුට ගොම පෝර බෑග්  10 ගානේ අපි ඉල්ලගමු” ආයතනය ප්‍රධානියා අපූරු යෝජනාවක් කරමින් කිසියම් මුදලක්ද සේවක පිරිස අත තැබුවේ ගවයන් ඇල්ලීමේ කටයුත්ත සඳහා අලුතින්ම ලණු කීපයක්ද මිලදි ගන්නා ලෙස  පවසමිනි.


 පසුගිය  දිනෙක ගෙවත්තට පැමිණි ගවයන් දෙදෙනකු එහි සේවකයන් අල්ලා ගැට ගැසුවේ ආයතන ප්‍රධානියාගේ උපායට අනුවය.


 නැතිවූ ගවයන් සොයා පැමිණි ගව හිමියාට ආයතනයේ ක්‍රියා පටිපාටිය කියාදුන් සේවක  පිරිස ඔහු ප්‍රධානියා වෙත යොමුකරනු ලැබුවේ වැඩි විස්තර ප්‍රධානියාගෙන්ම අසා දැන ගන්නැයි ඉල්ලීමක්ද කරමින්ය.


 “හොඳයි ඒ හරක් දෙන්නා දෙන්නම් හැබැයි අපිට ගොම බෑග් 20ක් ගෙනත් දීලා හරක් ටික අරන් යන්න” එක හරකකුට බෑග් 10යි. ප්‍රධානියා කාරුණිකව පැවසුවේය.


දෙකට තුනට නැමී ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අවනතභාවය පළකල ගවපට්ටි හිමියා ගවයින් දෙදෙනාගේ කරේ තිබූ අලුත්ම ලණු දෙකටද කෙළ හලමින් රැගෙන ආයතනයෙන් පිටව ගියේ ලණු දෙකත් පොහොර බෑග්  විස්සක් ඉතා ඉක්මනින්ම ගෙනැවිත් භාර දෙන බව එහි සේවක පිරිසට පවසමිනි.


 සිද්ධියෙන් මේ වනවිට මසකටත් එහා කාලයක් ගතවී ඇතත් පොහොර බෑග් 20 තබා අලුත්ම ලණු දෙකවත් ලැබෙන පාටක් නැතැයි ආයතනයේ සේවකයන් පවසන්නේ ගව පට්ටි හිමියාගේ නුවණට ප්‍රධානියාගේ නුවණ පරාජය වූ බවට ඔච්චම් කරමිනි. 



අදහස් (0)

ගොමත් නෑ ලණුවත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site