ඇඟලුම් කම්හලෙන් බිරිඳට ලැබුණු තෑග්ග සැමියා බිරිඳට හොරෙන් අසල්වැසි නිවසේ සාජ්ජයට ගෙනයාමෙන් සිදුවූ ජංජාලයක් පිළිබඳව පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.
ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතු සිය බිරිඳගේ වැටුපෙන් ජීවත්වන සැමියා අතට අසුවන කුලී වැඩක් කරමින් ලැබෙන සොච්චම ද බීම නිසාම නාස්ති කරයි. අසල්වැසි නිවසේ සාජ්ජයකි.” හැන්දෑවෙලා අපේ පැත්තේ වරෙන්” සිය අසල්වැසි මිතුරාගේ පණිවිඩය කල්තියාම ලැබී තිබිණි.

මොනවද අප්පා... ගෙනියන්නේ. කල්පනා කරමින් නිවස තුළ සක්මන් කරන සැමියාට සාලයේ මේසයක් මත බ්‍රවුන් පේපර් කවරයක ඔතා තිබෙනු දුටු අලුත්ම බන්දේසිය දැක කවුරු හරි නෑගම් ඇවිත්, ආපු කෙනා තමයි මේක ගේන්න ඇත්තේ, එකත් මගේ වෙලාව. ගෑනිට ඕවා මතක නෑ. ඒකි බලන් ඉන්නේ මහ ගෙදර දුවන්න.’ මෙලෙස සිතා සැමියා බිරිඳට හොරා නිවසේ තිබූ බන්දේසිය ද රැගෙන සාජ්ජයට ගියේ ගෙදරකට නිකම්ම යන්නට බැරි නිසාය.
පසු දින ඔහුගේ බිරිඳ අවුරුද්දට මහ ගෙදර යන්නට සූදානම් වූවාය. එහෙත් අසල්වැසි මිතුරිය දැකබලා නොගියොත් හිතට හරි මදිය. එසේ සිතූ ඇය තම මිතුරිය හමුවීමට ගියාය. සතුටින් ඇයව පිළිගෙන නිවසට කැඳවූ ඇය බන්දේසියක තබා තම හිතවතියට රසකැවිලි පිරිනැමුවාය. හානේ ලස්සන බන්දේසියක්. අපටත් ගාමන්ට් එකෙන් මේ සැරේ තෑග්ගට දුන්නේ ඔය වාගේම ලස්සන වැඩ දාපු බන්දේසියක්. හා.. ඇත්ත ද. මම නම් ඕක සල්ලිවලට ගත්ත එකක් නෙමේ අනේ, ඊයේ රෑ අපේ මිනිහගේ බේබදු පාටිය තිබුණනේ. ඒකට කවුදෝ ගෙනත් දීපු එකක්. අලුත් එකක් නිසා අපේ ගෙදර එන අයට කෑම බීම අල්ලන්න ගත්තා. මිතුරියට දෙලෝ රත්විය. උගුරට දෙකට තේ කෝප්පය බිව් ඇය යෙහෙළිගෙන් සමුගෙන තම නිවසට දිව්වා නොව වීසි වූවාය.
තමන් සිතු දෙය හරියටම හරිය. බන්දේසිය තිබූ තැන නැත. සැමියා වෙරි මතට තවමත් නින්දේය. ඇඳ අසලට ගිය බිරිඳ සැමියා අවදි කළාය. මේ ඔයි හොඳ හිතින් නැගිටිනව මම දැන් මහ ගෙදර යනව. මතක තියාගන්නවා මම ආපසු එන්න කලින් අර ගෙදර තිබ්බ බන්දේසිය ආපසු ගෙදර නොතිබ්බොත් මම නරක ගෑනි කියල කියන්න එපා.
සැමියාට මෙය සිහිනයක් නොව හැබෑවක් බව වටහා ගැනීමට බොහෝ වෙලා ගත විය. බිරිඳ ගමේ ගිහින්ය. ආපහු ඉල්ලන්නත් ලැජ්ජයි බං සැමියා තම හිතවතෙකුට කීවත් බන්දේසි අයියා යන නාමය දැන් කෙමෙන් කෙමෙන් ගම පුරා පැතිරීම නම් කාටවත් වළක්වාලිය නොහැක.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
2025 නොවැම්බර් මස 21
10
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගෑනිගෙ වැඩපොළේ තෑග්ග අල්ලපු ගෙදර බේබදු පාටියේ