IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කල්පිටි යන්න බසයට නැගුණ සුද්දා කුලියාපිටියට ගෙනිහින්

කොළඹ-කුලියාපිටිය  සුඛෝපභෝගි සේවා බස්රථයක්  කුලියාපිටියට යළි පැමිණීමේදි මීගමුව ප්‍රදේශයේදී අත දැමූ විදේශිකයකු ඉංග්‍රීසි බසින් තමන්ට යායුතු ගමනාන්තය විමසීමේදී බස්රථයේ කොන්දොස්තර තැන තමන්ට හැකි අයුරින් අදහස් හුවමාරු කරගෙන විදේශිකයා බසයට නංවාගෙන කුලියාපිටියට පැමිණියත් විදේශිකයා තලවිල යාමට අවශ්‍ය බැව් පැවසීමෙන් බස් කොන්දොස්තර පමණක්  නොව මගීහු පවා  අන්දුන් කුන්දුන් වූහ. 


බසය අලුයම කොළඹින් පිටත්ව ඇති අතර විදේශිකයාද තලවිල පල්ලියට යාම සඳහා බසයට අත දමා තිබිණ. එහිදි බසය නවතා කොන්දොස්තර තැනගෙන් විදේශිකයා කැන් අයි ගෝ ටු කල්පිටි යනුවෙන් අසා ඇත.

කොන්දොස්තර  තැන එසැනින්ම “යස් යස් කියත්ම කම් කම් සර් කම් කියමින් බසයට නංවාගෙන ආසනයක්ද පිරිනමා පැමිණියද ගමනාන්තයේදී විදේශිකයා තමා අතැති ජංගම දුරකථනයේ ආධාරයෙන් සිතියම් පරීක්‍ෂාවක් කොට දිස් ඊස් නොට් කොල්පිටි දිස් ඉස් ආ කුල්පිටි කියමින් අපහසුතාවට පත්ව ඇති බව දුටු හා සිදුව ඇත්තේ වංචාවක් නොව අදහස් හුවමාරුවේ අඩුපාඩුවක්  බවත් මනාව තේරුම් ගත් අනෙක් බස්රථ හිමියන් නිවැරදි ඉංග්‍රීසි භාවිත කරමින් විදේශිකයා නැවත තෝප්පුව මංසන්ධියට නොමිලයේම කැඳවාගෙන වුත් කල්පිටිය බස් රථයකට නැංවීමට පියවර ගනු ලැබිණි.


ඉන්පසු එම  බස්රථ රියදුරන් හා සහෝදර කොන්දොස්තරවරුන් අදාළ කොන්දොස්තරවරාට මිස්ටර් කොල්පිටි යන අන්වර්ත නාමයෙන් අමතන බවත් දැනගන්නට ඇත.
(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර)

 



අදහස් (0)

කල්පිටි යන්න බසයට නැගුණ සුද්දා කුලියාපිටියට ගෙනිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 928 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site