(තිහගොඩ - උපසේන ලියනගම)
අගනුවරට ආසන්න මංගල උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට අඹුසැමි දෙපළකට ආරාධනා කොට තිබුණත් පසුගියදා සැමියා පමණක් එහි ගියේ බිරිය මඳ අසනීපයෙන් පසු වූ හෙයිනි. මංගල්‍ය සාදය අවසානයේදී බිරියගේ හිතවතියක වූ මනාලියගේ මව ඇගේ නොපැමිධෑම ගැන දුක් වී රිජිෆෝම් පෙට්ටියකට දැමූ කෑම පාර්සලයක් සැමියා අත තැබුවේ එය බිරියට දෙන ලෙස පවසමිනි.
සැමියා කෑම පෙට්ටිය ගෙදර දී ඇයට දුන් විට එහි සීතල ගතිය නිසා කෑම ටික මඳක් රත් කිරීමට මෙහෙකාර දැරිය අතට දුන්නාය. මොහොතකින් කුස්සිය පැත්තෙන් හඬක් ඇසී එහි ගිය ඇයට රිජිෆෝම් කෑම පෙට්ටිය ගෑස් කුකරය මත තබා ගිනි දැල්වීමෙන් එය පිළිස්සී ගොස් ඇති ආකාරය දැකීමෙන් තරු පෙනිණ. මෙහෙකාර දැරිය දැඩි විමතියට පත්ව සිටි අතර ගෑස් කුකරය පුරා විසිරී තිබූ කෑම අස් කිරීමට සැහෙන වෙලාවක් ගත වුණාලු.
COMMENTS
මට නම් හිතෙන්නේ මෙහෙකාර දැරිය පිටේ තියලා සිද්ධිය ගොඩින් බේරගත්තට ඕක වෙලා තියෙන්නේ ගෙදර උන්දෑ අතින්මද දන්නෙ නැහැ. ඒ තරමටම අපේ රටේ වැඩිහිටියන්ගෙ ජීවිතේ දෛනික කටයුතු වල කිසිම තාක්ෂණික දැනුමක් නැහැ (නි)
බත් එකටනම් මොක උනාම මොකද ? මෙහෙකාර දැරිය කියනකොටම මටනම් සැකයක් උපන්න බාල වයස්කාර දරුවෙක්ද කියල , කෝකටත් ළමාරක්ෂක කාර්යන්සයට දැනුම් දුන්නොත් නේද හොඳ ? (ර)
රසවත් කෑමකට ගිය කල..... (ර)
මේ කාලේ මයික්‍රෝ වේව් අවන් පාවිච්චි කරන නිසා පොඩි අතපසු වීමක් වෙන්න ඇති, කුස්සිය ගිනි අරගෙන ,මහා විපතක් නොවී බෙරුන එක හොදොටෝම ඇති. (ර)