උදේ පාන්දරම උපන් ඇඳුමින් ඉඩමට ගොස් මායිම් වැටට කම්බි ගැසූ අයකු පිළිබඳ වයඹ දැදුරුඔය අසබට ගමකින් වාර්තා වෙයි. පුවත සැකවින් මෙසේය. අපේ කතානායකයා ප‍්‍රදේශයේ වෙන්දේසියේ විකුණු ඉඩමකින් බිම් කොටසක් මිලට ගත්තේය. එම ඉඩමේ හතරමායිමේ එක් වැටක් පිහිටියේ බිම් කොටසක් මිලට ගෙන නිවසේ අඩක් නිමකොට පදිංචිව සිටින මවක සහ දුවක් සතු ඉඩමට යාබදවයි. දුව තවමත් පාසල් සිසුවියක මව කට සැර කාන්තාවකි. කීප අවස්ථාවක මෙම වැටට කම්බි ගැසීමට ගිය විට ඇය ඇඟට කඩාගෙන පැන්නාය. ”වැට මායිම මෙතන නොවේ අතන මෙතනින් වැට ගැහුවොත් මං පොලිසි යනවා. වැටත් ගලවලා වීසි කරනවා., ඉඩම හිමියා වැට අසලින් ගියත් ඇය මෙසේ බැණ වදින්නීය. හිමිකරු ඉදිරියේම ගලවා විසි කරන්නීය. ගැහැනියක සමග රණ්ඩු කිරීමට අකමැති ඉඩමේ හිමිකරු කිසිත් නොකියා පසු බසී. කාන්තාව සිතා සිටියේ ඔහු කටින් බයකරගත හැකි පිරිමියකු ලෙසිනි. ගෙවී ගිය සතියේ දිනක උදේ පාන්දර අඳුර ඇරීගෙන එද්දී ඔහු වත්තට ගියේය. සරම කමිසය දෙකම ගලවා පසෙක තබා ඇඟේ නූල්පොටක්වත් නැතුව වැට ළඟට ගියේය. වහා වහා කම්බි ගසන්න පටන් ගත්තේය. ටක් ටොක් ශබ්දය ඇසී කත, කට මුහමත් කරගනම එළියට බැස්සාය. වැට දෙස බැලූ සැණින් යළි පස්සා දොරෙන් ගෙට ගොස් දොර වසා ගත්තාය. යළි එළියට ආවේ ඉඩමේ හිමිකරු කම්බි හතර පොටක් ගසා වැඩ නිමකර ආපසු ගිය පසුය. එදා දුවගේ පාසල් ගමනද නැවතුනාලූ. කාන්තාවද මේ වනතෙක් වැටට අරියාදුවක්ද කළේ නැතිලූ. එයඉඩම හිමියා හිතවතුන් සමඟ පවසනවාලූ.
2025 නොවැම්බර් මස 04
322
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2136
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කට සැර අම්මණ්ඩි මට්ටු කරන්න උපන් ඇඳුමෙන් ඉඳලා
නසීර් Tuesday, 24 April 2012 09:38 PM
අපිට හරි හිනා.. හී.. හී.. හී..
මාලක Thursday, 26 April 2012 03:54 AM
තවත් නව නිපැයුම් කරුවෙක්..
සුමිත් Tuesday, 24 April 2012 10:51 PM
නියමයි
දයා Wednesday, 25 April 2012 06:11 AM
මේක තමයි පොලිසි නොයා උසාවි නොයා වැටවල් ගැසීමේ අලුත් කලාව
තොම්සන් Wednesday, 25 April 2012 07:50 AM
උපන් ඇදුම ඵලදායි ලෙස භාවිතා කළ අවස්ථාවකි
රුවන්ත Wednesday, 25 April 2012 09:22 AM
ෂා නියමයි... කටින් බය කරන්න හිතා ගෙන ඉන්න ගෑණු අයට ඔහොම තමයි කරන්න ඕනි.
කුමාරි Wednesday, 25 April 2012 09:33 AM
විලි ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කීවලු
දයා(සවුදි) Wednesday, 25 April 2012 10:23 AM
මිහිරැති වසන්ත කාලේ...
සකු Sunday, 29 April 2012 06:11 PM
දෙන්නම වැරදියි
දෙයියා Wednesday, 25 April 2012 10:40 AM
පණ්ඩිත ගෑණු අයට ඔහොම තමයි කරන්න ඕනි
ශාන්ත Monday, 23 April 2012 10:06 AM
මරු
ජායි Monday, 23 April 2012 10:56 AM
නියම වැඩක් ඔය වගේ ගෑනුන්ට ඔහෝම තමයි කරන්න ඕනේ
චමී Wednesday, 25 April 2012 01:17 PM
ගෑනු කෙනා නපුරු කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.නමුත් මේ කෙනා කරපු වැඩේ හරි කියලා කියන්න ම බැහැ මොකද අහල පහල ගැහැණු දරුවන් හිටියනම්.හොදනැහැ නේද......නිතිය පාවිච්චි කලා නම් හරිනේ ...............
harshana Monday, 23 April 2012 11:30 AM
මාර කතාවක්නේ....!!!!!!!!
ප්‍රසාද් Thursday, 26 April 2012 12:21 PM
හොද වෙලාවට අම්මයි දුවයි විතරක් ඉඩම ළග හිටියේ.වෙන තැනක ඔය වැඩේ කරන්න ගියානම් උපන් ඇදුමත් ගලවයි
දිනේෂ් Tuesday, 24 April 2012 03:02 PM
නියමයි.ඔය වගේ පණ්ඩිත කාන්තාවන්ට ඔහොම තමයි කරන්න ඕනි.
ජයා Tuesday, 24 April 2012 04:26 PM
නීතීයෙන් නමි මෙ පුද්ගලයා වැරදිකාරයෙක් මොකද රහස්දේවල් ප්‍රදර්ශනය කිරිම වරදක්.
ශානක Wednesday, 25 April 2012 08:32 PM
නියමයි අයියා...
වජිර Monday, 30 April 2012 11:54 AM
පිරිමිකම කියන්නේ නිරුවත පෙන්වීම නොවෙයි නේද?