(අකිල බද්දෙවිතාන)
උදෑසන අවදිවීම සඳහා තබා තිබූ එලාම් ඔරලෝසුවේ කුකුළකුගේ නාදයට ඇත්තම කුකුළකුගේ හඬක් යැයි රැවටුණු තරුණියක සම්බන්ධ පුවතක් බස්නාහිර පැත්තේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙම තරුණිය දිනපතා රාජකාරී සඳහා පිටත්ව යාමට උදෑසන 6ට පමණ අවදිවන අතර ඒ සඳහා ඇය යොදා ගත්තේ එලාම් ඔරලෝසුවකි. එක් දිනක් ඇය නිදා සිටියදී අලුයම ආසන්න වෙද්දී එක්වරම කුකුළකු හඬළන හඬ ඇසීම හේතුවෙන් කලබල විය. ඇගේ අසල්වැසි නිවසේ කුකුළන් ඇති කරන අතර උන්ගේ හඬ ඇය ඇතුළු පවුලටම නිරන්තර කරදරයක් වී තිබිණි. එදිනද එසේ අසල්වැසි නිවසේ කුකුළකු සිය ජනේලය අසලටම විත් කෑගසන බව සිතා තම නින්දට බාධාවීමෙන් ඇති වූ කෝපය ද සමඟ අඩනින්දේම ෂෝ ෂෝ හඬින් කිහිප වරක්ම ඇය කෑගැසුවාය.
එහෙත් හඬ නවතින ලකුණක් නැත. නැවත වරක් එසේ කුකුළා එළවීමට ඇය කෑගැසුවද හඬ නොනැවතුණු බැවින් විපරම් කර බලද්දී දිගින් දිගටම නාද වන එලාම් ඔරලෝසුව ඇගේ ඇස ගැටුණාය. ලැජ්ජාව සහ කෝපයද ඉහ වහා ගොස් සිටි ඇය වහාම එලාම් ඔරලෝසුවේ හඬ විසන්ධි කළ අතර පසුව සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ සිය බාල සහෝදරයා විසින් එම එලාම් ඔරලෝසුවේ ඇති නාදය වෙනස් කර ඇති බවයි.
වෙනදා ඇයට සුපුරුදු නාදය වෙනුවට කුකුළකුගේ හඬ යෙදීම නිසා ඇය මෙසේ රැවටී ඇති බව පසුව නිවැසියන්ද දැනගත් අතර අසල්වැසි කුකුළන් මෙන්ම දැන් ඇයට එලාම් ඔරලෝසුද පෙනෙන්නට බැරි වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
695
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු හඬින් තරුණිය ඔල්මොරොන්දන් වෙලා