තම එකම මිනිබිරිය සමග කටුමැටි ගෙයක ජීවත් වූ මිත්තණියකි. ඇය සතුන්ට බෙහෙවින් ආදරය කළාය. බලූ බළල් සතුන්ට අමතරව ගෙදර කුකුළකු ද ඇති කළේ ආසාවෙනි. හොඳින් වැඞී සිටි මේ කුකුළා පසුගියදා කිසිවකු විසින් සොරකම්කර තිබූ අතර ඒ ගැන තොරතුරු සොයාගත් ඇය පොලිසියට පැමිණිලි කිරීමෙන් නතර නොවී අධිකරණයට ද ගියාය. නඩුවට නීතිඥයකු පෙනී සිටිය යුතු හෙයින් ලියන මහත්තයකුට මේ ගැන කී විට ඔහු කීවේ නීතිඥ ගාස්තු ගෙවිය යුතු බවකි. ඇය රුපියල් සියයේ කොළයක් ඔහුට දිගු කළ විට ලියන මහත්තයා උපහාසයෙන් කීවේ ”එහෙම මදි ඇන්ටි බරට ගෙවන්න වේවි” කියාය. ගෙදර ගිය ඇය පසුවදා කාර්යාලයට ගොස් ”එහෙම නං කිලෝ දෙකකට ගණන් බලන්නැයි” ලියන මහත්තයාට කීවිට ඔහු අන්දුන් කුන්දුන් වී ඒ ගැන විමසීය. පෙරදින බරට ගෙවන්නැයි කී නිසා මිනිබිරිය ගෙන් කුකුළාගේ බර දළ වශයෙන් අසාගෙන ආ බව ඇය කී විට ලියන මහත්තයාට දෙවියන් සිහිවුණා ලූ.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd