(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අවුරුදු උත්සවයක් පවත්වා සවස් කාලයේ කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වන බව පවසා ගම්වාසීන්ගෙන් ආධාර එකතුකොට උත්සවය අවසානයේ සංගීත සාජ්ජයක් පැවැත්වූ පිරිසක් පිළිබඳව දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.
සිංහල අලුත් අවුරුද්දට පෙර සිටම ආධාර එකතු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි. සමානාත්මතාව, විනිවිදභාවය, සංස්කෘතිය, සිරිත් විරිත්, සමාජවාදය ගැන උදම් අනන වැඩිහිටිපිරිසක් ද උත්සවය සඳහා උපදෙස් දීමට හා මගපෙන්වීමට එකතුවී සිටි බවද පැවසේ. කවි බණ ඇසීමේ අරමුණින් ගම්වැසියන් රුපියල් සියය, පන්සියය දහස ආදී ලෙස ආධාර ලබාදීම ද සිදුකර ඇති බව පැවසේ.
බක්මහ උළෙල අවසානයේදී සංවිධායක කමිටුවේ සාමාජිකයින් සංගීතයට නටන්නට පටන් ගත් අතර එය මධ්‍යම රාත්‍රිය පසුවනතෙක්ම පැවැති බව වාර්තාවේ. ශබ්දවාහිනී උපකරණ හා අනෙකුත් පහසුකම්ද ඒ ඒ ආයතන නොමිලේම සපයා තිබූ නමුදු ආධාර ලබාදුන් පිරිස පිංකමේ ආනිශංස ගැන සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස ප්‍රසිද්ධියේ ගමන් බිමන් යෑමෙන්ද වැළකී ඇතැයි එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසේ. මගපෙන්වූ වැඩිහිටි පිරිස ද ගමේ දක්නට නොලැබෙන බවටද තොරතුරු අනාවරණය වේ.
කොල්ලාගෙන් ගන්න බැරි වුණු පලිය බල්ලාගෙන් ගන්න බලු වැඩක් කොට බලු කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරුණු අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩට නුදුරු ප්රදේශයකින
මංගල උත්සවය සඳහා සූදානම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් ගැන දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙ
ආයතනයක සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට එම සේවා අවශ්‍යතාවය සපුරා දීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමයක ඇගේ දුරකතන අංකය සටහන් කළ යුතු බැවින් එය ඉල්ලා
කෙසෙල් කැනක් සොරකම් කළ අයකු සාක්කි සහිතව අල්ලා ගැනීමේ පුවතක් ගොම්බද්දල, කිල්ලදෙණියෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය.
ගෙදරට අලුත ගෙනා ලේලිය නිසා මාමණ්ඩිට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
තම දුරකතනයට ඇමතුමක් ලැබීම නිසා ලජ්ජාවට පත් වූ පුද්ගලයකු කිලෝමීටරයක් පමණ පාගමනින් නිවසට ගිය පුවතක් දකුණු පළාතේ අර්ධ නාගරික පෙදෙසකින් වාර්තාවේ. සිද්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවුරුදු උළෙල අවසානයේ බණ යටගිහින් සංගීතය මතුවෙලා