ඔහු දක්‍ෂ වඩු කාර්මිකයෙකි. මතටත් හිත ඇත්තෙකි. ප‍්‍රදේශයේ පුද්ගලයෙක් අලූතින් ඉදිකරන තම නිවසේ දොර ජනෙල් සෑදීම වහලය ගැසීම ඇතුළු වඩුවැඩ ඔහුට බාරදුන්නේය. බාසුන්නැහේ වැඩ පටන් ගත්තේය. නිවස හිමියා ද කෑමට පෙර හීන් අඩියක් ගසන්නේය. සෑම දිනකම බාසුන්නැහැ දිවා ආහාරය ගැනීමට සූදානම් වනවිට අරක්කු වීදුරු බාගයක් බැදපු මිරිස් කරල් සමග කාරල්ලන් දීසියක්  බාසුන්නැහේට දෙන්න පුරුදු විය. මුලදී වඩුකාර්මිකයා මෙම සංග‍්‍රහය ප‍්‍රතික්‍ෂේප  කළේය. එහෙම කියන්න එපා බාසුන්නැහේ අපි කවුරුත් මැරෙන මිනිස්සුනෙ. කන්ට බොන්ටනේ අපි මේ නැහෙන්නේ. අනික අපේ වැඩකට එන කෙනෙකුගේ හිත සතුටින් තිබුණොත්නේ අපටත් වැඬේ යාදෙන්න. ගෙදරින් උදේ හදලා දෙන කෑම එකනේ මේක ගත්තම හොඳට  කන්නත් පුළුවන්. නෝන  හිටියනම් ලන්ච් එකත් අපිම දෙනවා” ගෙහිමියා පැවසීය. යුතුකම් දන්නා උදවිය වඩුබාස් සිතුවේය. ගණන් බේරන කොට උදවුවක් කරනවා මෙසේ සිතා දිනපතාම සංග‍්‍රහය ආදරයෙන් සාදරයෙන් පිළිගත්තේය. මාස දෙකකට පසු වැඩ නිමවී ගණන් බේරද්දී වඩු  බාසුන්නැහේට දවල් තරු පෙනුණි. ඒ ඉතිරි වැඩ කුලියෙන් අඩකටත්වඩා මුදලක් අරක්කුවලට සහ කට ගැස්සමට කැපූ නිසාය. බාසුන්නැහේට මම දුන්නේ සල්ලිකාරයෝ බොන සුපර් බඩුවලින්. මම ඔහේගෙන් කපාගත්තේ බොහොම අඩු සුළු මුදලක්. නිවස හිමියා ඉතිරි මුදල් දෙන ගමන් කීවේය. වඩුකාර්මිකයා කිසිත් නොදොඩා මුදල් අතට ගෙන උපකරණ කට්ටලයද රැගෙන ආපසු ආවේ ”උඹ නාඩන් උඹට ඔව්ව හොඳ පාඩම් ” යැයි සිතා ගනිමිනි.