
(තිළිණි ද සිල්වා)
කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍රවල පිටපතක් ඉකුත් 12 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපිය බාර දුන් බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී දැනුම් දුන් අතර ඒ අනුව චීන එන්නත් ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමු කළේය.එම ලිපිය බාර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා කියා සිටියේ එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවය.
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා ශ්‍රී ලංකා තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, කීර්තිමත් හා පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ශ්‍රී ලාංකික තානාපතිවරයා ලෙස පිළිගැනීමට චීනය සතුටු වන බව සදහන් කර ඇත. ආචාර්ය කොහොන මහතා මෙම හමුවේදී කොවිඩ්-19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ චීනයේ ධුර කාලය තුළ දී තමාගේ ප්‍රමුඛතා පිළිබඳව හොං මහතාට විස්තර කළේය.
දෙරට අතර ඓතිහාසික, දීර්ඝ කාලීන හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළ ආචාර්ය කොහොන මහතා ඉදිරි වසරවල දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් බාර ගත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට ප්‍රතිචාර දක්වමින්, නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳව සතුට පළ කළේය.
අතීතයේ දී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබා දී ඇති බවත් , අනාගතයේ දී ද චීනය මිතුරෙකු ලෙස සැලකිය හැකි සේම වෙළඳ හා ආයෝජන සඳහා විවෘත වන විට දී ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම සර් පාස්...
මොලේ තියෙන අපි නම් දැනගෙන හිටියා පැණියක් දාලා මිනිස්සු පිස්සු වට්ටලා කල් ගත්තේ චීනේ ඉන්ජෙක්ෂන් එක එළියට එනකන් කියලා. සියයට 50 සාර්ථකත්වයක් තියෙන එන්නතක් ගෙනැල්ලා තවත් සල්ලි කාබාසිනියා කරන වැඩක් මේක...
බෙහෙත් නම් ඕනි නෑ ආයුබෝවන්ඩ... 69 ලක්ෂයක් අං තට්ටු තමයි අපිට ඕනෑ.
වෙනදාට ටෙලිෆෝන් කරන කෙනා මේපාර මොකද ලියුමක් යැව්වේ.. ? පස්සේ කොරෝනා නිසා තැපැල් ප්‍රමාදයි කියයිද?
ඔව්, ඔව් ලංකාවේ තව මොනවාහරි චීන්නුන්ට විකුණලා ඔය එන්නත් ගනියි.
හිටපු ඇමැතිවරයෙක් කිව්වා ඩොලර් 2කට එන්නත ගන්න පුළුවන් කියලා... ඒත් මොකද ඩොලර් 60ක් වන චීන එන්නත ගෙන්වන්න යන්නේ...
චීනයට අල්ලපු රට වන හොංකොං වල චීනයේ නිෂ්පාදිත කොරොනා එන්නත පිළිබඳව එතරම් විශ්වාසයක් නොමැත. එක වෙලාවක කියනවා ඉන්දියාවෙන් ගෙනාවා කියලා.. තව වෙලාවක කියනවා චීනයෙන් ගෙන්වනවා කියලා.. පෙනෙන විදියට සර්ට දැන් මොකද්දෝ වෙලා වගේ...
බෙහෙත් ඕනේ නැහැ. දැන් ඇති. මේ රට ලේ ගඟක් කරන්නේ නැතිව වහාම ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් තියන්න. එතකොට බලන්න පුළුවන්.. ඔය බයියෝ කොහෙද කියලා. කෙසේවෙතත් අගෝස්තු මාසෙට පස්සේ ඔබටවත්, ඔබගේ පොලිස් රාජ්‍යයටවත්, බයියන්ගේ ආණ්ඩුවටවත් මේ රට කරගෙන යන්න බැරිවෙනවා. රුවන්වැලිසෑය කියන උතුම්ම ස්ථානයේ ඔබ දිව්රුම් දුන්නා මතකද?
අමුඅමුවේ රටක් මෙහෙම විනාශ කරන්න පුලුවන්ද දෙයියනේ? 2009 කොටියාගෙන් බේරාගෙන කොච්චර හොඳට දියුණු කරන්න තිබුණු රටක්ද? මේ චීනාගේ මර උගුලේ සංවර්ධනය මුවාවෙන් දැම්මේ? කොන්ද පණ නැති විපක්ෂේ කියලා හිටපු කට්ටියත් මේ අපරාදෙට වග කියන්න ඕනේ...
චීනා කරපු හරිය හොඳටම ඇති. දැනටමත් රටෙන් බාගෙට භාගයක් විතර ඒ අයට දීලානේ තියෙන්නේ...
පැණි පොවලා ජාමෙ බේරාගන්න ගිය මෙයාගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද? ලෝකය පිළිගත් විශ්වාසනීය එන්නත් හදලා තියෙන්නේ ඇමරිකාවේ ෆයිසර් ආයතනය සහ එංගලන්තයේ එන්නතයි. චීන සහ රුසියානු එන්නත් ගැන සැක සහිතයි. පුලුවන් නම් ඔබ සහ ඔබේ පවුලටම චීන එන්නත විදගන්නවා කියලා අවංකව කියන්න පුලුවන්ද? අනේ අනුරාධපුර නානා අක්කෙ අපිව බෙරා ගන්න...!
ඔයාලා පැණික් වෙන්න එපා. මට උතුර, දකුණ මාරුවෙලා ඉන්නේ...
බේත හදලා අත ගන්න හම්බවුණේ නැහැණයට ඉල්ලනවා. චීන්නුන්ටත් දැන් මහා වදයක් වෙලා ඇති. තානාපති දිවුරුම් දෙන්න එනගමනුත් ණයට ඉල්ලගෙන තමයි එන්නේ. කරන්න දෙයක් නැහැ... චීනෝ...! කුම්බලා මාලු කෑවා නම් දුක විඳින්න වෙනවා.
අමුතුවෙන් ලියුම් ලියලා ඉල්ලන්න දෙයක් නෑ. ලංකාව දැන් කොහොමත් පාලනය වෙන්නේ චීනයේ යටත් විජිතයක් වගේ. ඒක හින්දා ඕක අඩුවට දෙයි. ඒකෙන් ලොකු ගාණක් මේ අයට කොමිස් ගහගන්නත් පුලුවන් එතකොට. ඒ වැඩ පිලිවෙල ගැන අපි කොහොමත් දන්නවනේ... මෙන්න මේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත කියලා යවලා තියෙන පාලිත කියන හාදයා මීට කලිනුත් විදේශ සේවයේ ලොකු නිලතලවල ඉඳලා මේ රටට කරපු පොඩි හරි සේවයක් තියෙනවද කියලා දන්න කවුරු හරි ඉන්නවද? බලයේ ඉන්න අයට ගොට්ට ඇල්ලීමේ ආශිර්වාදයෙන් හැමදාම මේ වගේ තනතුරු වරප්‍රසාද අරගෙන රටට සෙතක් නොකරන විදේශ තානාපති සේවයේ ඉන්න බහිරවයින් ටික ඉන්න තාක්කල් මේ රටේ විදේශ තානාපති සේවයත් හැමදාම වලපල්ලෙම තමයි...
බෙහෙත ගෙන්නන්න කලබල වෙන්න එපා... තව මියයනකම් ඉන්න.
ඉල්ලන්න දෙයක් නැහැ. චීනයේ හැම ප්‍රාන්තයකටම අනිවාර්යයෙන් දෙනවලු.
මේ එන්නතේ සාර්ථකත්වය 40%ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තියෙන්නේ. 95%ක් සාර්ථක බවට නිර්දේශ වී අතේ අනෙකුත් එන්නත් තියෙද්දී මේ වගේ එකක් ගන්න වෙන මොනවා හරි හේතුවක් ඇති මගේ හිතේ.
ලංකාවට උචිත එක නෙවෙයි ගෙන්නන්නේ. එයාට ඕන එක... පුදුම වැඩක්නේ මේක...
හරි නම් චීනය මුළු ලෝකෙටම මේ එන්නත නිකං දෙන්න ඕනේ.... මොකද ඒ අයනේ මේක පටන් ගත්තේ !
මං දන්න විදිහට මේ චීන එන්නත් තාම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා නෑ. කොහෙන් හරි බාල බඩුවක් ගෙනැල්ලා ඇඟ බේරගන්න හදන්නේ...
ඔය චීන එන්නත 69 ලක්ෂයට දීලා... අනෙක් අයට ඔක්ස්ෆර්ඩ් එන්නත දෙන්න.
අපේ පැණිය ගත්තා නම් මීට වඩා නරකද?
කෙරුවොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි.. කිසිම දැක්මක් නැති නායකයෙක්... නිවැරදි භාවය 50% කියලා තියෙන චීන එන්නත ගෙන්නන්න තමයි ට්‍රයි කරන්නේ... එතකොට පුලුවන්නේ... ඒකෙනුත් හෙන්චයියන්ට වැඩි ගාණක් හම්බකරලා දෙන්න. මොකද 50% වැඩ කරන්නේ...? අර සීනිවලින් ගසා කෑවා වගේ එන්නතෙනුත් ගසා කන්න තමයි බලන්නේ..
සිංහලුන් වඳ වෙන්නත් එක්කම බෙහෙත හදයි. එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි.
දැන් මේකට වරායේ තව පර්යන්තයක් හොයන්න වෙයි.
චීන්නුවා ලංකාවෙන් එළවාගෙන පෙළපාලි ගිය කාලය අමතක වෙලා වගේ...
චීන්නුක්ව ලංකාවෙන් එළවාගන්න පෙළපාලි ගිය කාලයේ අමතක වෙලා වගේ...