
(ඒ.එෆ්.පී./රොයිටර්)
කොරෝනා වයිරසයට එන්නතක් සොයාගැනීමට පෙර එම වයිරසය හේතුවෙන් වාර්තා වන මරණ ගණන මිලියන දෙකක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
කොරෝනා වයිරසය පාලනය කළ හැකි සාර්ථක එන්නතක් ලොවපුරා භාවිත කිරීමට පෙර දැනට තිබෙන මරණ ගණන දෙගුණයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. වසංගතය පාලනය කිරීම සඳහා සාමූහික පියවර නොගතහොත් එම ගණන ඊටත් වඩා ඉහළ යා හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආපදා වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් මහතා අනතුරු ඇඟවීය.
“අපි ඒක නොකළොත් මරණ ගණන මිලියන දෙකක් කියන දේ හිතාගන්න බැරි වෙනවා විතරක් නෙමෙයි, ඒක ඇත්තටම වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩි” යැයි හෙතෙම අනතුරු ඇඟවීය. ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මරණය පත්වූ ගණන මිලියනයකට ආසන්න වෙමින් තිබෙන මොහොතක ඔහු එම අනතුරු ඇඟවීම කළේය.
මේ වනවිට ලොව නන්දෙසින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 984,470කි. අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 5,022ක් වාර්තා වී තිබෙන අතර වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් මරණ 1,109ක් ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වයිරස ආසාදිත මරණ 741ක් ද බ්‍රසීලයෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 696 ක් ද වාර්තා වී තිබේ.
- 055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.