බන්ධනාගාර රැදවියෝ දෙදෙනෙක් උසස් පෙළ සමත් වෙති මෙරව උසස් පෙළ විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල්.ටී.ටී.ඊ රැඳවියන් ඇතුලු බන්ධනාගාර රැදවියන් දෙදෙනකු ඉන් සමත් වී ඇති බව බන්ධනාගාර පොර්තමේන්තුව පවසයි. 29 August 2022
කාංචනගේ අභියෝගය පාඨලී බාරගනී ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව සොයා බැලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යෝජනා කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගැනීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 August 2022
ඉංජිනේරු සංස්ථා සේවකයෝ අගෝස්තු වැටුප ඉල්ලති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (29) විරෝධතාවක් පැවැත්වූහ. 29 August 2022
ඉන්ධන පෝලිම් දිගු වෙයි ඉන්ධන හිඟය හේතුවෙන් අද (29) දිනයේ ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටියහ. 29 August 2022
පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරකසභාව යළි පත් කරයි නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසිවූ පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාව අද (29) නැවතත් පත් කරනු ලැබීය. 29 August 2022
සිරිල් වසන්තට ඇප රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සිරිල් වසන්ත නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 August 2022
විමල්ට එරෙහි නඩුවක් දෙසැම්බරයට කල් යයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන දෙසැම්බර් 12 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 August 2022
රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ ජාතික එකගතාවයකින් පමණයි රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 29 August 2022
ශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 29 August 2022
යුනිසෙෆ් වාර්තාව ගැන විවාදයක් ඕනෑ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) ඉල්ලීමක් කළේය. 29 August 2022
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සජබ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද (29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරතවිය. 29 August 2022
උසස් පෙළ ගණිත අංශයේ පළමුවැනියා රාජකීය විදුහලෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමුවැනියා බවට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ශිෂ්‍යයාය. 29 August 2022
පාලකයන්ගේ පව් පොඩි මිනිහාගේ ඇඟ උඩ තියන්නේ ඇයි? විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා යැයි ද ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇතැයි ද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 August 2022
ඉරණවිල මුහුද රළු වෙයි-නිවාස රැසක් මුහුදට බිලි පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ඉරණවිල වෙරළ තිරය දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් පවතින බව ධීවර ජනතාව පවසති. 29 August 2022
විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක් විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 August 2022
නොරොච්චෝලේ නඩත්තුවට වසර 12ක් තිස්සේ චීන සමාගමකට ගෙවලා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 29 August 2022
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුත් නම් හතරක් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 29 August 2022
අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම් උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 29 August 2022
විපක්ෂය රංජන්ට සමාවදීමේ ලිපිය ඉල්ලයි රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය. 29 August 2022
විදුලිබල ඇමතිගෙන් විපක්ෂයට යෝජනාවක් ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 August 2022
අද පැය තුනක් විදුලිය කපයි විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් පැය 3 ක විදුලි කප්පාදුව නැවතත් අද දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 29 August 2022
කෝප් - කෝපා පස්ස ගහන හේතුව නලින් කතා කරයි කෝප් සහ කෝපා කමිටු පිහිටුවීම පස්සට අදින්නේ පක්ෂෙට එහි සභාපති ධුර දෙන්නට වෙන නිසා දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. 29 August 2022
ගුවන් යානයේ දී තෑග්ගක් දුන් මෝහිණී අත්අඩංගුවට ගුවන් යනායකදී හදුනාගත් පුද්ගලයකුට අවුරුදු 2 ක් වයසැති පිරිමි දරුවකු දී පලා ගිය කාන්තාව අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 29 August 2022
පොහොට්ටුවේ පුංචි සභාවල ලොක්කෝ අද කොළඹට දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. 29 August 2022
විදුලි බිලේ විවාදය අද විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ. 29 August 2022
අපු‘ර රෝහලේ තඹ කම්බි උස්සලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ගෙනවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා ලදැයි කියන තඹ දඟර හයක් නාදුනන පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති පොලිසිය කියයි . 29 August 2022
ලක්ෂ 20 ගංජා සමග අයෙක් සැකපිට රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත 29 August 2022
ගේ මැද නිධාන් හෑරූ පහක් සැකපිට මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ නිවසක නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු මහනුවර විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 29 August 2022
මහනුවර කෝටිපති කතගේ ඝාතකයා අල්ලයි මහනුවර වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල තනිව සුවිසල් නිවසක පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ළඟම ඥාතියකු සහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 29 August 2022
පළාත් හතරකට තද වැසි ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට ඉදිරි දිනවලදී සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැනි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026