වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය.