
(කේ. බුද්ධික කුමාරසිරි)
පවතින දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර තත්වය නිසාවෙන් කොළඹ - අවිස්සාවේල්ල ප්රධාන මාර්ගය කොස්ගම හිගුරල රංවල පහන ප්රදේශයෙන් ජලයෙන් යට වීම නිසාවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
මේ හේතුවෙන් එම ස්ථානයෙන් කිසිදු රථ වාහනයකට ගමන් කිරීමට හැකියාවක් නොමැති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සහ කොස්ගම අතර කොටසෙහි දුම්රිය මාර්ගයට ඇද වැටී තිබූ ගස් දෙකක් ඉවත් කර දුම්රිය ගමනා ගමනය සදහා වීවෘත කළ බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග අංක 3.98.99.122 අයත් කොළඹ මඩකලපුව මාර්ගය කිව්වාට කිසිමදාක මඩකලපුව බසයක් නොයන මාර්ගයේ කතරගම ඇඹිලිපිටිය රත්නපුර බලංගොඩ බදුල්ල පඹහින්න ප්රදේශවල සිටත් අගුරුවැල්ල යටියන්තොට දෙහිඕවිට දැරණියගල ප්රදේශවල සහ අවිස්සාවේල්ල සිටත් කොළඹට යන සියලුම වාහන රංවල පහන ළගින්ම යන්න වෙනවා විකල්ප මාර්ග ඇතිබවක් පේන්නේ නැහැ. ඒ නිසා මාර්ගයේ එම කොටස ගංවතුරට යට නොවන සේ සංවර්ධනය අනිවාර්යයෙන් කළයුතුම වැඩක් කියලා කියන්නම ඕනෑ. එහෙම මාර්ගය සැකසීම හෝ රංවල ඇල මාර්ගයේ අවහිරතා ඉවත්කර ගංවතුර පාලනයට නොපමාවම විධිමත් ක්රමයක් ක්රියාත්මක කරන්න ඕනෑ...