සජිත්ගේ රැලියේ රතිඤ්ඤා පත්තු කළ තුනක් සැකපිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටදී පැවති සමගි ජන බලවේගය ප්රචාරක රැළිය අවස්ථාවේදී රතිඤ්ඤා තොගයක් පුපුරා පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 10 September 2024
හමුදා ලොරිය ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටී අයෙක් මරුට දියතලාව යුධ හමුදා කදවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කදවුර දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් අද (10) පෙරවරු 10.30 ට පමණ බදුල්ල මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්‍රදේශයේදී, මහියංගණයේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය පවසයි. 10 September 2024
’’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’ රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන්ව පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවසීය. 10 September 2024
අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධන ආකාරයෙන් වාහන වල අලවා ඇති සියලුම ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. 10 September 2024
කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
බලශක්ති නියාමනයට නව ආයතනයක් බල ශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
චීනෙට තිරිඟු නිවුඩු යවන්න ගිවිසුමක් ශ්‍රී ලංකාවෙන් චීන වෙළෙඳ පොළට තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
ආනයනය බදු සංශෝධනය කරයි භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
හයිලන්ඩ් කිරි පිටි මිල අඩු කරයි රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 September 2024
මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනය නවතියි නිවිතිගල කොළඹගම ප්‍රධාන මාර්ගය දොලොස්වල ප්‍රදේශයේ දී පතල් දෝණාවක් අද (10) උදෑසන කඩා වැටීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 10 September 2024
ශිෂ්‍යත්ව ටියුෂන් හෙට රෑ සිට තහනම් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාර පන්ති දේශන සම්මන්ත්රණ සහ වැඩමුළු හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි 10 September 2024
රාජ්‍ය සේවා කොමිසමෙන් දැඩි තීරණයක් රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි 10 September 2024
ඡන්දය වැඩට නැගෙනහිර පාසල් දෙකක් කලින් වහයි ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි . 10 September 2024
‘‘අරගලකරුවන් ඉල්ලූ වෙනස පාලකයන් දී නැහැ‘‘ සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය. 10 September 2024
‘යාගී’ සුළි කුණාටුව වියට්නාමය කලඹයි චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබූ ගණන 240 ක් බව පැවැසෙයි. 10 September 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 40 ක් මරුට ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 10 September 2024
’’අපි අනිවාර්යයෙන්ම දිනනවා’’ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගම්පොළ ජන රැළියේදී පැවසීය. 10 September 2024
කඩු අරන් ස්පා ඇවිත් කතුන් දෙදෙනකුට අතවර කරලා කඩුවක් රැගෙන බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට ඇතුළු වුණු පුද්ගලයන් හය දෙනෙකු කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පවසයි. 10 September 2024
මුහමලේ කොටසක බිම් බෝම්බ ඉවත්කර අවසන් කිලිනොච්චිය පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුවල නිරත සංවිධාන පවසයි. 10 September 2024
ගෙදර යන්න ගිය කොස්තාපල්ට පහර දීලා අඩන්පන් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු නිවස බලා යාමට උයිලන්කුලම හන්දියේ සිටියදී නාඳුනන පිරිසක් පොලුවලින් පහරදී ඇතැයි අඩන්පන් පොලිසිය කියයි. 10 September 2024
සුපිරි මඟේ කැබ් රියක් ගිනිගනී ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි. 10 September 2024
වයඹට - සබරගමුවට තද වැසි බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 September 2024
ජර්මන් සරසවියේ ලාංකික සිසුවා ඇල්ලක නාන්න ගිහින් අතුරුදන් ජර්මනියේ මියුනිච් නගරයේ විශ්ව විද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලාංකික සිසුවකු විශ්ව විද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 10 September 2024
දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2024
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් සමුගනී ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. 10 September 2024
මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 10 September 2024
රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක් රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය. 09 September 2024
පාසල් 20 වැනිදා වහයි දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 09 September 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026