
(ආරියරත්න රණබාහු)
ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධන ආකාරයෙන් වාහන වල අලවා ඇති සියලුම ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
පෞද්ගලික බස් රථ ත්‍රි රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවපවසයි.
1981 අංක15දරණ ජනාධිපති වරයාතෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ74වන වගන්තිය යටතේ ඒ වරදක් බව සඳහන්ව ඇත.
මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස කොම්ෂන් සභාව විසින් පොලිසිය වෙත උපදෙස් දී ඇති බවද සඳහන් වේ.
COMMENTS
එතකොට රනිල් වික්‍රමසිංහ යාපනය නගරයේ ස්පීකර් සවිකරගෙන මුළු දවසේ පැය 24ම එයාව ප්‍රවර්ධනය කරන එක ගැන මැතිවරණ ලොක්කෝ දන්නේ නැතිද ?