
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම මානුෂීය කලාපයේ කඳවුරුවල රැඳී සිටින්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, ගාසා තීරයේ නන්දෙසින් පැමිණි පලස්තීනුවන්ය. ඊශ්‍රායල හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මියගියේත් තුවාල ලැබුවේත් කාන්තාවන් සහ කුඩා දරුවන්ය.
පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මෙම මානුෂීය කලාපය ඇත්තේ, කාන් යූනිස් නගරයට දකුණු දෙසිනි. පලස්තීන වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කළත්, මෙම මානුෂීය කලාපයට මීට පෙර ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇත. පසුගිය ජූලි මාසයේ හමාස් නායක මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වූයේ ද මෙම මානුෂීය කලාපයට පහර දෙමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රටවල මුස්ලිම් ජනතාවට දැන් මේක එච්චර දෙයක් නෙමෙයි වගේ. ඔහේ මරපුදෙන් කියලා වගේ ඉන්නේ. අපි දන්නේ නැතුවට ඒ ගොල්ලෝ ගාව මොන මොනවා හරි ප්‍රශ්න ඇති. නැත්නම් මෙච්චර මරද්දී එක වචනයක් කියනවා ඇහුනේ නැහැ අනිත් මුස්ලිම් රටවල්.