මීගමුව බන්ධනාගාරයේ කලබලය අස්සේ රැඳවියන් පිරිසක් සමග එහි සිවිලිමක් කඩා වැටීමෙන් තවත් රැඳවියන් හතර දෙනකු තුවාල ලබා මීගමුව රෝහට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 

රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම අතරතුර, පිරිමි රැඳවියන් පිරිසක් එහි වහළට නැගීමට උත්සහ කරද්දී සිවිල්ම සමග රැඳවියන් පිරිසක් කඩා වැටී ඇත.  

ඉන් තුවාල ලැබූ රැඳවියන් සිවු දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.