
(ගයාන් සූරිය ආරච්චි සහ තිලකරත්න දිසානායක)
කඩුවක් රැගෙන බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට ඇතුළු වුණු පුද්ගලයන් 6 දෙනෙකු කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පවසයි.
එම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සිට ඇති අතර සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඇතැයි පොලිසිය පවසයි.
පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.
ගම්පහ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
අනේ මහත්වරු නෝනලා, නීතියේ ආධිපත්‍ය රකින මහත්මයෙකුට රට බාර දෙන්න. රට අයිති කරගන්න නෙවෙයි, රට බලා ගන්න. ඉතින් ඒ රට බාරදෙන්න තීරණය කරන මහත්මය කලින් නීතියේ ආධිපත්‍ය රකින්න මොනවද කරලා තියෙන්නේ බලන්න. දැන උගත්ද බලන්න. අපේ රට 1948 න් පස්සේ මුල් කාලේ පාලනය කරපු අයට සල්ලි බාගේ තිබිල කියනවනේ. ඉතින් හොරාකන්න ඕන වෙලා නෑ. දැන් එන්නෙම හොරා කන්නනේ පිරිසත් එක්ක. ඉතින් ඒ මහත්තයාට හොරා කන්න ඕනෙද කියල බලන්න. ඉස්සර නම් දෙන්නයි තුන්දෙනයිනේ ඡන්දෙට ඉල්ලුවේ. මේ පාර 38ක්ම ඉන්නවා. ඒ 38 දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හොයල කියවන්න. ඒවායින් බලන්න ඇත්තටම කරන්න පුළුවන් ඒවා කියන්නේ කවුද කියල. දැන් තොරතුරු දැනගන්න ඕනෑතරම් තියෙනවනේ.
මේ වගේ දේවල් වෙන්නේ පොලීසියෙන් මහජනතාවට වැඩිය ආරක්ෂා කරන්නේ දේශපාලුවෝ