
(අංජුල මහික වීරරත්න)
රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මිල්කෝ සමාගම අද දින සිටම මෙම මිල අඩු කළ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කළ ද දැනට වෙළෙඳපළේ ඇති තොග පැරණි මිලටම පවතින හෙයින් ලබන සතියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට වෙළෙඳපොළේ රුපියල් 1125කට අලෙවි කරන හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල ඒ අනුව රුපියල් 1050 දක්වා අඩු කිරීමටද,හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 190කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.
COMMENTS
අනිත් ඒවා බොහොමයක් ග්‍රෑම් 400ය රු.1000ට වඩා අඩුයි. මේගොල්ලන්ගේ නාස්ති, ගසාකෑම් දුෂණ, හානි, පාඩුත් අපේ පිටින් තමයි යවන්නේ!
දැන්නම් හොඳටම පරක්කුයි
ඇමති තුමණි, ඔබතුමන්ලා හිතාගෙන ඇති මිනිස්සු තණකොළ කනවා කියලා. ආනයනික කිරිපිටි මිල ඩොලරයේ උච්චාවචනය අරවා මේවා කියලා තුන්ගුණයකින් පමණ එකවර වැඩිකළා. ඒ සමගාමීව දේශීය නිෂ්පාදනය කරන කිරිපිටි වර්ගත් සාධාරණ හේතුවකින් තොරව මිල වැඩිකළා. එදා මෙදාතුරාවට කොවිඩ් යුගයේ තිබූ අපහසුතා හෝ හේතු මේවනවිට පහව ගොස් තිබෙනවා නමුත් සුළු සුළු ගණන්වලින් මිල පහළ දැම්මා මිස යම් සහනයක් ලැබෙන ප්‍රමාණයකින් මිළ පහත දැමුවේ නැහැ. දැන් රු.75කින් අඩුකරනවාලු ඒකත් ලබන සතියේ සිට. ඔබතුමා ලංකාවේද දන්නේ නැහැ ඉන්නේ ඇතැම් ආනයනික කිරිපිටි රු.800 ගණන්වලට ඇතැම් සුපර් මාර්කට්වල තිබෙනවා කියන්න දන්නවාද. මිනිසුන් අවස්ථාව එනකම් පුලපුලා බලාගෙන ඉන්නේ කෘතගුණ සළකන්න.
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!
දේශිය දේ මෙහෙමද.. හයිලන්ඩ් , පැලවත්ත හැම එකක් ම මිල වැඩියි .
චන්දෙ කාලෙට අඩු කරලා චන්දෙන් පස්සේ වැඩි කරපල්ලා . ඔය ඔක්කොම ඡන්දෙට තමයි