
(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි.
එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ. දැන් ඉතින් අනුරට හීන් දාඩිය දාලා ඇති. මේ පාර පැරදිලා තව අවුරුදු දෙකකින් පස්ස දොරෙන් ජනපති වෙන්න ප්ලෑන් ගහලයි යන්නේ යන එක . මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැව් ගෙනාපු නැවක්
අතිගරු ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කරන්න මහපොළ ලොතරැයිය පටන්ගත්තා ඔය කාලයේ ජෙප්පො සියලු ලොතරැයි විකිණීම තහනම් කලා ඉතින් ඔවුන් අවුරුදු 76 ඇතුලේ ඔවුන් කරපුදේ කොහොමද කියලා හිතෙනවා නම් නුවනැත්තෙකුට පමණයි...
අම්මට හුඩු .ඒත් පරක්කු වැඩියි මහත්තයෝ