IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘යාගී’ සුළි කුණාටුව වියට්නාමය කලඹයි

චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබූ ගණන 240 ක් බව පැවැසෙයි.

හැනොයි අගනුවර අයත් හැනොයි පළාත ඇතුළු පළාත් 12 කට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණු අතර, වැඩියෙන්ම බලපෑම් එල්ල වූයේ උතුරුදිග පළාත්වලටය

සුළි කුණාටුවේ බලපෑමෙන්, උතුරුදිග වියට්නාමයේ වියට්නාමයේ රතු නදියට ඉහළින් ඉදි කළ පාලමක එක් කොටසක් සම්පූර්ණයෙන් කඩා වැටුණි. එම අවස්ථාවේ, පොංග් චෝ නමැති එම පාලමේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ 10 ක් සහ යතුරුපැදි දෙකක් පහළ රතු ගංගාවට වැටුණු බවත්, මෝටර් රථ සහ යතුරුපැදිවල ගමන් කරමින් සිටි 13 දෙනෙකු අතුරුදන් බව පැවැසෙයි. පාලම කඩා වැටුණේ මහා ජල කඳකින් රතු ගංගාව පිටාර ගලද්දීය.

මේ වනවිට, සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්, මේ වනවිට මිලියන 1.5 ක් වියට්නාම වැසියන් පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්වී සිටින බවත් වාර්තා වේ. වෙරළාශිත අනතුරුදායක ප්‍රදේශවල ජීවත් වුණු 50,000 ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

‘යාගී’ චීනය සහ පිලිපීනය පසු කරද්දී, චීනයෙන් සහ පිලිපීනයෙන් මරණ 24 ක් වාර්තා විය. වසර 30 කට පසු වියට්නාමයට කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණාටුව වන්නේ ‘යාගී’ යැයි ද පැවැසෙයි.



අදහස් (0)

‘යාගී’ සුළි කුණාටුව වියට්නාමය කලඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site