
(විමුක්ති එස් රුද්‍රිගු)
සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය.
වංචා හා දූෂණ අවසන් කිරීමටත් බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවලට වසර දෙකක කාලයක් ගතවී ඇති බවත් එහිදී සැබෑ වෙනසක් ලබාදෙන බව පාලකයන් පොරොන්දු වුවත් අදටත් එම ඉල්ලීම් බොහොමයක් ඉටුව නැතැයි වෝකර් ටර්ක් මහතා පැවැසුවේය.
එපමණක් නොව 2021 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණවී ඇති බවත් ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරා ගැනීමටත් අධ්‍යාපනය සහ බලශක්තිය අතරින් එකක් තෝරා ගැනීමටත් අසරණ වන පවුල් සංඛ්‍යාව දිනෙන් වැඩිවී ඇති බවත් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයද ලබා ඇත්තේ සීමා සහිත ප්‍රගතියක් බවත් එම ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට දිගටම ඉහළ තනතුරු ලැබෙමින් තිබෙන බවත් ටර්ක් මහතා පැවැසුවේය.

COMMENTS
තව ටික දිනක් කළබල නොවී ඉන්න මහත්මයා .අරගලෙන් ඉල්ලපුවා මදි නොකියන්න දෙනවා.ඉවසන්න!!!
අපොයි මේ මොනවද කියන්නේ, කන්න අතේ සතේ නැතත් සිලින්ඩරේ ගෑස් තියෙනවා, ගමන් බිමන් යන්න බැරි උනත් ෂෙඩ් එකේ තෙල් තියනවා, අපි අදුරේ හිටියත් රටේ ලයිට් තියෙනවා. ඉතීන් තව මොනවද...
කවුද බං මේ අරගල කාරයෝ ඉල්ලපු එක තමයි ඔය දීලා තියෙන්නේ. දැන් අරගල ඉල්ලුවේ ගෝටට ගෙදර යන්න කියලානේ කිව්වේ. ඉතින් ඒක තමයි කරේ. ගෝඨ විතරක් නෙමෙයි මහින්දවත් ගෙදර යැව්වා අපි.
බංගලාදේශය වගේ වෙන්නැති නේද. ?මෙයා හදන්නෙ ගිනි තියන්න
අරගලයෙන් ඉල්ලු වෙනසක් ගැන කතා කරනවා. වෙනස නෙමෙයි මෙහේ දැන් පාලනය කරන කට්ටිය කියන්නේ අරගලය එහෙම පිටින්ම ත්‍රස්තවාදී අරගලයක් කියලා. තව පොඩ්ඩෙන් ඒගොල්ලෝ සුනේ සුන්ලු. ඒගොල්ලෝ එකෙන් බේරුනේ රනිල් තුමා නිසා ලු. ඇයි, එයා ඇවිත් දුන්නනේ මිනිස්සුන්ට කඳුළු ගෑසුයි ජල ප්‍රහාරයි බටන් පොලු සංග්‍රහයි දිගට හරහට. ඒවා තමයි එයා හිතන් ඉන්නේ මිනිස්සු ඉල්ලපු සහ මිනිස්සුන්ට දෙන්න ඕනි නියම ඔරිජිනල් වෙනස් කම් ප්‍රතිසංස්කරණ කියලා.
රනිල් වරද්ද ගත්ත ලොකුම තැන තමයි අරගලය හරියට තේරුම් නොගත්ත එක , අඩුම තරමින් ඒ කියපු ඉල්ලීම් වත් ඇහුම් කන් දුන්නේ නැත . ඔහුගේ කැබිනෙට්ටුවටම් අරගලය වචනය ද නයාට අඩු කොළ සේය . අරගලය දුන් පණිවිඩය තේරුම් ගෙන ක්‍රියා කරේ නම් රනිල් ට අදට වඩා මහජන ප්‍රසාදයක් ලැබ ගැනීමට ඉඩ තිබිණි.
කමක් නෑ පලස්තීනේ ඉල්ලපු වෙනස ලබා දීලා තියෙනවානේ
ඔච්චර කලබල වෙලා නිවේදන නිකුත් කරන්න අවශ්‍ය නැහැ. දින කීපයකින් එළඹෙන ජනපතිවරණයේ දී නුවන් බෝපගේට ලැබෙන ඡන්ද ගණනය කළාම අරගලයට මිනිස්සු කොච්චර කැමැත්තක් දැක්වූවාද යන වග බලා ගන්න පුළුවන්. මෙයා කියන බහුබූත නිසා කරපු අරගලයක් නැහැ.
ඉතාමත් නිවැරදි පසු විපරමක්.....
සේරම එයා කළා කියලා තමයි කියන්නේ
කල්ක්‍රියාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා හොඳට පවත්වාගෙන යන බවට ජාත්‍යන්තර සහතිකයක් ලැබිලා. ජයවේවා!!
කතාව ඇත්තයි. එකම හැතිකරේ තමයි තවම ඉන්නේ.
ණය ගෙවන්න ඔයාල ද සල්ලි දෙන්නේ? එක්සත් ජාතීන් කියලා ඔයාලා කරපු උදව්ව මොකද්ද රට බංකොලොත් වුණ වෙලාවේ? ඔයා නොදන්නවාට අල්ලස් හා දූෂණ කොමිසමක් පත් කරලා සියළුම පරීක්ෂණ ස්වාධීන කරලයි තියෙන්නේ 1994 ඉඳන්. ඡන්දේ තියන්නෙත් ස්වාධීනව කොමිසමකින්. ඔයාලා තමයි අපේ රටේ ගිනි ඇවිලුවේ.
ඒක තමයි ඡන්දයක් දීල තියෙන්නෙ.
ලංකාව පිලිබඳ ඉතාමත් නිවැරදි කියවීමක්. රට අර්බුදයෙන් ගොඩ ගත්තා යැයි කියන නායකයන්ට කණේ පහරක්. දැන්වත් ජනතාව රටේ තත්වය ටිකක් හරි තේරුම් ගනයි කියලා හිතනවා
බංග්ලාදේශය, යුක්‍රේනය, පකිස්ථානය, සිරියාව, ලිබියාව, ඉරාකය වගේ කොරන්න බැරි වුනාට හිත රිදිලා.
මේ බටහිර මිනිසුන් නම් රටට මොකක් හරි ප්‍රශ්නයක් ඇදලා අරගෙන හිර කරන්න හදනවා මිසක ජනතාවට ඇති.ආදරයකින් කතා කරනව නෙවෙයි. කොට් ඉවර කළා කියලා පස්ස ගිනි තියාගෙන දැඟළුවා. දැන් අරගලයක් අල්ලගෙන දඟළනවා . රටේ ප්‍රශ්න විසඳගන්න ඡන්දයක් එනවා. මිනිසුන් තමන් කැමති නායකයෙක් පත් කරගනී.
ලංකාවේ දුප්පත්කම දෙගුණ වී, දුප්පතුන්ට ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරාගැනීමට සිදුවී ඇත්නම්... පොහොසතුන්ගේ වත්කම් හා ධනය, මිළදී ගනීමේ හැකියාව සහ පාරිභෝජනය කී ගුණයකින් වැඩිවී ඇත්ද? ඒවත් හොයලා දැම්මොත් නේද හොඳ? මොකද ඒ ගොල්ලන්ගේ දේපොල වත්කම් තියෙන්නේ මෙහෙ නෙවෙයිනේ!
ජනාධිපතිවරණයෙන් පස්සේ වෙනස දකින්ඩ බැරි වෙන එකක් නැහැ.
අරගලය කෙරෙව්වේ මොවුන් කියලා පැහැදිලි වෙන්නෙ ඔවුන්ගේ බලාපොරොත්තුව අනුව රට අරාජික නොවුණු නිසා කියලා කියන්න පුළුවන් ලෝකයේ එකිනෙකා මානව හිමිකම් කියමින් කොටව කොටවා ඔවුන් කරන්නේ උන්ගේ බඩගෝස්තරයට ලෝකයා සූරාකෑම හා යටිමඩි ගැසීම කියලා කියන්න පුළුවන් උන්දැලා පුප්පන්නේ අපි වගේ පුංචි අයට මිස ඇමරිකාව රුසියාව චීනය වගේ ලොක්කන්ට නොවෙයි මහ එවුන් මොනවා කලත් උන්ට පේන්නෙ නැහැ ඇහෙන්නෙ නැහැ වල පතුලටම වැටුනු එකාට මුලින්ම කරන්න ඕන ගොඩට ගැනීම ඊළඟට කුසගින්නට විසදුමක් දීලා ප්‍රතිකාර කරලා තමයි ඇදුම් පැළදුම් ගැන බලන්න වෙන්නේ රටේ තිබුණ තත්වය අනුව දැනට ගොඩට අරගෙන වගේ තමයි ඉන්නෙ පොඩ්ඩක් ශරීර ශක්තිය හදාගෙන ඊළඟ කටයුතු කරන්න ඕන ඔය සංවිධානයේ එකා කරන්න හදන්නේ ආයෙමත් වලට තල්ලුවක් දෙන්න බවයි පේන්නෙ
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!
ඉතින් නන්දසේන විතරනේ දාලා දිව්වේ .අනික් සෙට් එක යස අගේට කරගෙන යන්නේ . උන් ටිකත් එවනකම් කොහොමත් මෙහෙම තමයි ඉන්න වෙන්නේ
මේ සංවිධාන කාරයෝ ඔක්කොටම ඕන කරන්නේ ලෝකය පුරා ආර්ථිකය දුර්වල රටවල්, දේශපාලන වශයෙන් ද දුර්වල හා අස්ථාවරකර අර්බුද නිර්මාණය කර ඔවුන්ට ඕනෑ ලෙස නැටව්මයි, සම්පත් සූරා කෑමයි.... දේශයන් ගිනි ගන්නවා දැකීම ඔවුන්ගේ සතුටයි..... රටක පාලකයන් ලෙස ඔවුන්ට ඕන කරන්නේ අත්දැකීම් නැති අපරිනතයින් ය..... එවිට ඔවුන්ගේ අරමුණු මැනවින් ඉටුකර ගත හැක..... ඇගපත ශක්තිමත් වූ පමනින් රටක් පාලනය කල නොහැක, අත්දැකීම් බහුල පරිනත බුද්ධියක්, රාජ්‍ය තාන්ත්‍රික සබදතා , හා මනා කළමනාකරන දැනුමක් ද තිබිය යුතු වේ. රට වැසියා ද යම් දැනුමක් කියවීමක් ඇති අයකු විය යුතුය....
දී කිරට බළල්ලුත් සාක්කිලු! අරගලයෙන් යන්තම් රනිල්ව ගෙනාවත් කොල්ලා දොට්ට වැටෙන නිසා තව අවුස්සන්න ක්‍රම හොයනවා. මුං හිතුවෙ නෑ ජවිපෙ ඒවි කියලා. හිතුවෙ රනිල් ගේනවා, ආගම නැති කරනවා, වරායවල් ටික ඇමරිකාවට දෙනවා, තීරයත් දෙනවා, වැඩේ ගොඩ කියලා. හැබැයි හිතුවට වඩා එහාට ගිහින් රනිලා සම්පූර්ණයෙන් අයින් කරලා ජවිපෙ එනවා කියලා දැන් භය වෙලා. ජවිපෙ ආවොත් ඉහත දේවල් කරන්න හම්බ වෙන්නෙ නෑ. යන යකා කොරහත් බිදගෙන යනවා කියනවා වගේ රනිලා යන්නේ කොයි කොරහ බිදගෙනද කියලා පරිස්සමෙන්. NPP රටක් කියන්නේ නටවන්න අමාරු එකක් බව තේරිලා මේ මොහොතේ මොන හොර ගිවිසුම් ගහවිද දන්නෙ නෑ රනිලා සහ මේ ජාත්‍යන්තර හොරු.
කොච්චර බැරි උනත් මුන්ට එකෙක්ට ගෙදර යන්න බැහැ ඉල්ලා අස්වෙලා . මොකද බලය නැති උනොත් කරපු හොරකම් අහුවෙන හින්දා කොහොම හරි බලයේ ඉන්න තමයි බලන්නේ
අපේ රට ගැන නොදන්න දේවල් කතා නොකර ඉන්න
රනිල් ඉන්නකල් නොකරපු දේ යන්න සතියක් තියා දකින්නේ රනිල්ගේ වරද පෙන්නන්නද ? නැතිනම් ඵන එකාව හිරකරන්නද?
රනිල් යන දවස වෙනකල් කට පියාගෙන ඉදල මේක එලියට දැම්මේ රනිල්ට පහරදෙන්න නෙමෙයි. අලුතින් එන ආන්ඩෝවට ආපු දවසේ ඉදන්ම කොනිත්තන්න පොටක් පාදගන්න කියලයි මට හිතෙන්නේ. අපි බලමු.
රට ගොඩ දාපු හැටි තමා ඔයා ගොඩ ගියේ අලි බබා සහ හොරු 134
මුන් ලන්කාවේ විතරක් මානවහිමිකම් බලන්න එන්නේ අනිත් රටවලත් බලපල්ලකෝ.
මේ මනුස්සය කියන කතාවේ විශාල අත්තක් තිබෙනවා , රටේ ප්‍රශ්න විසදන්න නම් අද්යාපන ,වුර්තිය පුහුණු , සවුක්ය සේවය ,අහර නිෂ්පාදනය සහ බෙදාහැරීම , බලශක්ති ශේත්රයේ සහ රාජ්‍ය සේවයේ විශාල ප්‍රතිසංස්කරණ සිදු වෙන්න ඕනේ , නමුත් එහෙම දෙයක් සිදුවන බව පසුගිය වසර දෙකේම දුටුවේ නැහැ , බොහෝ අපේක්ෂකයෝ දෙන පොරොන්දුවල එම දේවල් සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් දකින්න බැහැ