
(අංජුල මහික වීරරත්න)
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩ සටහන මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 2 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023 -09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 2000 ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබේ.
එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12 සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතී.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
පණ අදින ගමනුත් ණය ගන්නවා. රට ගොඩගත් නායකයා කියනවා නේද?
ණය ණය. මේ පාලකයින් ට වෙන මොකුත් නෑ.
රට කාලාම තමයි යන්නේ
මෙහෙම ණය අරන් සියලු වත්කම් වික්කත් ගෙවන්න බැරි දවස ගේන්න පුලුවන් ශ්‍රීලංකා
හා හා හා අපේ අනුර කුමාර සහෝදරයා ලෝකය වටේ හිඟාකන්න යන්නේ නෑ. ආපු ගමන් සේරම ණය ගැනිල්ල නතර කරනවා. බලාගෙන ඉන්නකෝ විසිදෙවැනිදා වෙනකන්...!
මාලිමා රජයක් යටතේ ණය ගන්න රටවල් ගාන හිඟා කන්නේ නැහැ. ආපු දවසෙම ඔය සේරම ණය ගන්න එක අපි නවත්තනවා.
ලෝකෙන්ම ණය ගන්න හිඟන රට
ණය ගන්න, විකුනන්න පුළුවන් ශ්‍රී ලංකා.
යන යකා කොරහත් බිඳගෙන යනවලු
සංචිත බිලියන 5 පැනලා කිව්වනේ, මුසාවම තමයි.එක ජනාධිපති අපේක්ෂකයකු අවුරුදු 2ක් 20000 ගානේ දෙන්නේ කියලා රටපුරා බේගලේ කියාගෙන යනවා. ඕක චුට්ටක් පිලි අරං තියෙන්නේ වතුකරේ ජනතාව ඒ මිනිස්සුන් රවටපු එක හරිම අසාධාරණයි....
පුළුවන් හාදයා ආර්ථිකේ දියුණු කරලා තියන හැටි තමයි ඔය