මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහුගේ ජංගම දුර කථනය ද සමගින් නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 14 November 2024
ඡන්ද අල්ලස් තොගයක් අඩප්පන්වලින් මාට්ටු මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙනකු ද සමගින්, පල්ලිය මඩුපෙරියමඩු මාර්ගයේ දී 13 දින සැන්දෑවේ අත් අඩංගුවට ගත් බැව් අඩම්පන් පොලිසිය පවසයි. 14 November 2024
ඡන්ද පත්‍රිකා වීඩියෝ කරලා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනකු අද (14) බේරුවල ඡන්ද මධ්‍යස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පැවසීය. 14 November 2024
සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අද ධාවනය කරයි දුම්රිය රියදුරු හා රියදුරු සහායකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අද දිනයේදී අවලංගු වුවද අද රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 November 2024
යුරෝපයේ ධනවතා ලෝක ධනවතාට නඩු දමයි යුරෝපයේ ධනවත්ම පුද්ගලයා වන බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇතැයි ’’ ද ඩේලි ටෙලිග්රාෆ්’’ පුවත්පත වාර්තා කළේය. 14 November 2024
ඇමැති විජිත ඡන්දය ප්‍රකාශ කරන්න ඇවිත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජාතික ජනබල වේගය අපේක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා , අද දහවල් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 14 November 2024
‘‘මේ ආණ්ඩුවේ ආයුෂ අඩුවෙන්න පුළුවන්‘‘ මේ ආණ්ඩුව වසර පහක් තිබෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එම නිසා ඉදිරියටත් මා දේශපාලනය කරනවා. හිතුණොත් මැතිවරණවලදී තරග කරනවා. යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවසීය. 14 November 2024
ඡන්ද නීති කැඩූ 15ක් වවුනියාවෙන් අලලයි වවුනියාවේ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 15 දෙනකු පෝස්ටර සහ මනාප අංකය සහ සළකුණ සහිත තුන්ඩු සමඟින් අද අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 14 November 2024
කාලගුණෙන් අනතුරු අඟවයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 14 November 2024
මහින්ද - නාමල් මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරු 2024 මහ මැතිවරණයේ සිය ඡන්දය ප්‍රකාශ කිරිමට වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන අයුරු 14 November 2024
දිවි අම්මා පැටවුන් බේරා ගන්න කළ සටන සිය පැටවුන් බේරා ගැනීමට සිංහ ධේනුවක් සමග පුදුමාකාර ධෛර්යයකිනි සටන් කරන දිවියකු පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ. ටැන්සානියාවේ සැරන්ගෙටි ජාතික වන උද්‍යානයේදී මෙම සිදුවීම සිදුව ඇත. 14 November 2024
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මහ මැතිවරණයේ දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් වශයෙන් සියයට 60ත් 65ත් අතර අගයක පැවතුණ බව මැතිවරණ නිරීක්ෂකයෝ සඳහන් කරති. 14 November 2024
’’වැල් පාලම ඒගොල්ලොම හොල්ල ගන්නවා’’ වැල් පාලම ආණ්ඩුවේ අය විසින්ම හොල්ලමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අද(14)පැවසීය. 14 November 2024
ගැඹුරු මුහුදෙන් කුඩු අල්ලයි ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුන් හය දෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 14 November 2024
උතුර දකුණ එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැවසීය. 14 November 2024
හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන් ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක් වන හිජාබය පැළඳීමේ නීතියට පිටුපාන කාන්තාවන්ට මානසික සහ විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙන සායනයක් ආරම්භ කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර ඇතැයි පැවැසෙයි. 14 November 2024
තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15 ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 November 2024
ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් කොල්ලකරුවන් දෙදෙනකු සහ එම ආයතනයේ සිටි පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 14 November 2024
ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි. 14 November 2024
තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධියක් හේතුවෙන් විදුලි අධිකාරීවරයා රෝහල් ගත කර ඇති බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 November 2024
මානප අංකෙ නොකීවැයි ඡන්ද පත්‍රිකාව ඉරලා ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. 14 November 2024
ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර ගෙනයනු ලැබිය. 14 November 2024
විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ටොම් සෝපර් යන මහත්වරු පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ. 14 November 2024
මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 14 November 2024
මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක් මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ගනිමින් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ප්‍රථම වතාවට ස්ථාපිත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 14 November 2024
ආදර්ශ ඡන්ද පත්‍රිකා සමඟ අයෙක් අල්ලයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (14) අත්අඩංගුවට ගැනීමට මූතූර් පොලිසිය සමත් විය. 14 November 2024
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි. 14 November 2024
සංස්කෘතිය හරහට දඹාන උපනායක ඡන්දය එපා වේ 2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් අද (14) දින උදෑදන වාර්තා විය. 14 November 2024
මැතිවරණ රාජකාරියට ආ නිලධාරියා හදිසියේ මරුට නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක් තුල මිය ගොස් සිටියදී අද(14) සොයා ගෙන ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි . 14 November 2024
අඹු- සැමි ඝාතනයට කතක් සැකපිට අත්අඩංගුවට ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල් අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13) අම්බලන්ගොඩ මාදම්පේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 14 November 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026