
(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන හියාරේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදිවියේ පසුවන අයෙකි.
මොහු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන විට සිය ජංගම දුරකථනය ද රැගෙන පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථානය තුලදි ජංගම දුරකථනය නාදවි ඇත. එම අවස්ථවේ ඡන්දපොළ ස්ථානාධිපතිවරයා විසින් මොහුට ජංගම දුරකථනය තබා පැමිණෙන ලෙස දැනුම් දි ඇත. ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා ඡන්දය සලකුණු කරණ ස්ථානයේ දිම ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (15) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මෙම සිද්ධිය සම්බන්දව අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ලංකාවේ වුණු ලොකුම වැරැද්ද මේක වෙන්න ඇති... තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඉරන්න බැරිනම් ගිලලා කෑවාම මොකද? අපේ රටේ තියෙන්නේ අමුතුම විදිහක් අප්පා. මේවද දැන් ප්‍රශ්න...? අලුත් රජයවත් මේ විහිළු අයින් කරනවා නම් හොඳයි.
දුරකතනය නාදවුනා නම් ඒක තියලා එන්න ඡන්ද දායකයාට පිටතට යන්න අවසරයක් නැහැ. ඡන්ද පත්‍රිකාව තියලා යන්නත් බැහැ. ඉතින් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ කේන්තියක් ඇතිවෙනවා... ක්ෂණික කෝපය නිසා හෝ නූගත්කම හෝ නොදැනුවත්කම නිසා සිදුවීමක් නිසා සාධාරණයක් වෙන්න ඕනෑ...
රජය සතු දේපළක් විනාශ කිරීම ඇපත් නොලැබෙන වරදකි.