IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල්. චාමින්ද)

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන හියාරේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදිවියේ පසුවන අයෙකි. 

මොහු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන විට සිය ජංගම දුරකථනය ද රැගෙන පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථානය තුලදි ජංගම දුරකථනය නාදවි ඇත. එම අවස්ථවේ ඡන්දපොළ ස්ථානාධිපතිවරයා විසින් මොහුට ජංගම දුරකථනය තබා පැමිණෙන ලෙස දැනුම් දි ඇත. ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා ඡන්දය සලකුණු කරණ ස්ථානයේ දිම ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මෙම සිද්ධිය සම්බන්දව අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (4)

ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

kasun Thursday, 14 November 2024 05:12 PM

මම හිතන්නේ ලංකාවේ වුණු ලොකුම වැරැද්ද මේක වෙන්න ඇති... තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඉරන්න බැරිනම් ගිලලා කෑවාම මොකද? අපේ රටේ තියෙන්නේ අමුතුම විදිහක් අප්පා. මේවද දැන් ප්‍රශ්න...? අලුත් රජයවත් මේ විහිළු අයින් කරනවා නම් හොඳයි.

:       6       0

අසාධාරණ Thursday, 14 November 2024 05:56 PM

දුරකතනය නාදවුනා නම් ඒක තියලා එන්න ඡන්ද දායකයාට පිටතට යන්න අවසරයක් නැහැ. ඡන්ද පත්‍රිකාව තියලා යන්නත් බැහැ. ඉතින් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ කේන්තියක් ඇතිවෙනවා... ක්ෂණික කෝපය නිසා හෝ නූගත්කම හෝ නොදැනුවත්කම නිසා සිදුවීමක් නිසා සාධාරණයක් වෙන්න ඕනෑ...

:       2       3

Perera Thursday, 14 November 2024 06:05 PM

රජය සතු දේපළක් විනාශ කිරීම ඇපත් නොලැබෙන වරදකි.

:       2       1

ගුණරත්න Thursday, 14 November 2024 07:01 PM

වයඹ ඡන්දයේදීත් ඡන්ද පත්‍රිකා විනාශ කළ අයට විරුද්ධව පවරන අද නඩුවේ ඡන්ද පත්‍රිකාවක වටිනාකම විදියට සත කිහිපයක් ලෙස නිශ්චය කර තීන්දුව දී තිබුණා. ඒක නිසා ඔය දේපල හානි කිරීම යටතේ නඩු පැවරුවා වුණත් ඇති වැඩක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site