ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 13 November 2024
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය එම ස්ථානයේ සිරවී නවතා තබා ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 13 November 2024
හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී තුවාල සිදු කළ කළමනාකරු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 13 November 2024
රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. 13 November 2024
ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම් මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 13 November 2024
සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 13 November 2024
රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ රාජගිරිය හන්දිය ප්‍රදේශයේ ( ගුවන් පාලම ආශ්‍රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙති. 13 November 2024
පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම් රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 13 November 2024
තවත් හොර ඩිෆෙන්ඩරයක්-අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී නියම චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 November 2024
පාලමෙන් දොළට වැටි අයෙක් මරුට ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි. 13 November 2024
රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය. 13 November 2024
ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතා පැවසීය 13 November 2024
ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි. 13 November 2024
නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා රීයෙ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 November 2024
සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ගෙන ඇති තීරණය බල රහිතකරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය . 13 November 2024
රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 13 November 2024
කොරියාවට 5000ක් 2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 13 November 2024
හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 13 November 2024
අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 13 November 2024
ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2024
බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි. 13 November 2024
ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක් තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 13 November 2024
කොකේන් ගිල පැමිණි විදේශිකයා ගුවන් තොටේදී මාට්ටු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 13 November 2024
ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 13 November 2024
මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු හා තවත් පුද්ගලයෝ තිදෙනෙක් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 13 November 2024
ඇමැති බංගලාවලට හමුදා රැකවල් රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි. 13 November 2024
සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවින් අධිකරණ භූමියේ නියෝග මත ආරක්ෂාව සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ(12) නියෝග කළාය. 13 November 2024
බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2024
හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හතලිස් පන්දාහක මුදලක් බලහත්කාරයෙන් කප්පං ලබාගත් කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 13 November 2024
සනත්ගේ බංගලාව බාරදෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි. 13 November 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026