IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු

(නිමල් ජයරත්න)

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හතලිස් පන්දාහක මුදලක් බලහත්කාරයෙන් කප්පං ලබාගත් කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 23 හා 29 යන වයසේ පසුවන්නන් බව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරුවන් දෙදෙනා සතුව තිබූ, යතුරුපැදියක්, කප්පම් බලෙන්  ගැනීමට භාවිතා කළ ජංගම සිම් කාඩ් පතක්, මුදල් ගෙන්වා ගැනීමට භාවිතා කරන ලද බැංකු ගිණුම් පොත, මෙහිදී අත්අඩංගුවට ගත් බව ද විමර්ශන අංශය සඳහන් කරයි.

දුරකථන අංකයක් භාවිතා කරමින් ෆේස්බුක් හරහා මිතුරු තවත් මිතුරකු 2013 වසරේ දිනකදි, අදාළ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පහරදී, මරණ තර්ජනය කර, උන්වහන්සේ නිරුවත් කර ඡායාරූප හා දර්ශන ලබාගෙන ඒවා ප්‍රදර්ශනය කරන බවට පවසමින්, වරින් වර රුපියල් තුන් ලක්ෂ හතළිස් තුන්දාහක මුදලක් මෙලෙස, සැකකරුවන් දෙදෙනා බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවද මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

 



අදහස් (2)

හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු

බකල ජයා Wednesday, 13 November 2024 08:41 AM

අගතියට පත් පාර්ශ්වයත් කොටු පනින්න ගිහිං වගේ ....

:       13       11

යෝගා Wednesday, 13 November 2024 10:13 AM

ආරණ්‍ය සේනාසනයක භික්ෂුවකට කොහෙන්ද ඔච්චර සල්ලි? උන්වහන්සේලා මුදල් පරිහරණයක් නැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site