
(සුජිත් හේවාජුලිගේ )
රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි.
උපරිම ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව එම රජයේ බංගලාවලට මෙසේ යුද හමුදා භට පිරිස් යෙදවූ බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රජයෙන් ලබාදී තිබූ බංගලා 28ම රජයට බාරදී අවසන් බව අමාත්‍යාංශය පවසයි.
මේ අතර රජයට බාරගත් බංගලාවල බඩුමුට්ටු සම්බන්ධයෙන් වෙනම කරුණු සොයා බැලීමක් මේ දිනවල කරගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය තවදුරටත් වාසි ලබන ව්‍යාපාරයක් නෙවේ කියල තේරුණාම වෙලෙන්දෝ, ජාවාරම් කාරයෝ, සමාජ විරෝධී වැඩකරන අය, නුසුදුස්සෝ හැලෙයි. සේවයක් කරන්න උවමනාවක් තියෙන අය එකතු වෙයි.
කවුරු කලත් දේශපාලන තීරණවල ප්‍රතිපල රටට වැඩදායක විය යුතුමය .ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන් නොවිය යුතුය .මෙම බංගලා භාර ගැනීමේ ක්‍රියාවලියේ සිට භාරගත් පසු පවත්වාගෙන යාමේ වියදම් මහ ජනයාට පාරදෘශ්‍යද විය යුතුය
ඔය නිවාස සියල්ලම අධි සුඛෝපබෝගී ඒවා. එම නිවාස සියල්ල සංචාරක අමාත්‍යාන්ශයට බාරදී ලංකාවට ඩොලර් උපයන ක්‍රමයක් සොයා ගන්න පුලුවන්.