
(ඉන්දිකා රාමනායකප සහ ගයාන් සුරිය ආරච්චි )
මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයට අනුයුක්තව පොලිස් සැරයන් වරයෙකි.
සැකකාර සැරයන් ඉකුත් (9) දින රාත්‍රියේ බීමතින් කොළඹ තිබිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට යාමේදී කාඩ් පත සිරවී ඇති,අතර මුදල් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහු ඒ ටි ම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කර ඇත.
සම්බන්ධයෙන් නාරහෙන්පිට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.
මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊයේ (12) සිට සැකකාර සැරයන්ගේ වැඩ තහනම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්
Pradeep Wednesday, 13 November 2024 04:02 PM
අනුන්ගේ කාඩ්පතක් අරගෙන හොරකමේ ගිහිල්ලා කරගත් දෙයක් වෙන්නත් පුළුවන්... කොහොම වුණත් තමන්ගේ කාඩ්පතේ අංකය වරදින්න බැහැ...
මංජුල Wednesday, 13 November 2024 04:56 PM
ඔහුගෙ බීම කාඩ්පත සිරවීමට හේතුවක්ද, දඬුවම සැර වැඩි නැද්ද?
Premasiri Thursday, 14 November 2024 08:24 AM
මහජන සාමය කොට්ඨාශයේ සාජන් කෙනෙක් වුනාම සංවරයක් තියෙන්න ඕන රටේ සාමය රකින්න සිටින නිලධාරී ජනතා ප්‍රයෝජනයට තියෙන සම්පත් විනාස කිරීම වැටත් නියරත් ගොයම් කනවා වගේනෙ එනිසා වැඩ තහනම් කරල මදි සේවයෙන් පහකිරීමට කටයුතු කරන්න ඕන
සදුන් මාරසිංහ Thursday, 14 November 2024 09:03 AM
මහජන සාමය ආරක්ෂා කිරීමේ මණ්ඩලය අනුයුක්ත කර තෝරගෙන තියෙන්නෙ විශිෂ්ට පොලිස් නිලධාරියෙක් ඔහුව රස්සාවෙන් පහ නො කර ඔහුට පදක්කමක් පිළිගැන්විය යුතුයි.