
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විමට හිතකර වායු ගෝලීය තත්වයක් අද සහ ඉදිරි දින කිපයේ බලපාන බව ද කාලගුන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උතුරු පළාතෙත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති වේ .
මධ්‍යම, ඌව, සබරගමුව, සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 පමාණ තද වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd