
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
සනත් නිශාන්ත මහතාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් එහි ගොස් එම බංගලාව රජයට බාරගෙන ඇත.
සනත් නිශාන්ත මහතා පසුගිය ජනවාරි මස 25 වැනිදා හදිසි අනතුරකින් මිය යෑමෙන් පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම බංගලාවේ දිගටම රැඳී සිටීමට හිටපු රජය අවස්ථාව සලසා දී තිබිණ.
නව රජය බලයට පත්වීමෙන් පසු හිටපු අමැතිවරුන්ගේ නිවාස යළි රජයට බාර ගැනීමට ගත් තීරණයත් සමග මෙම නිවාසයද රජයට ගැනීමට කටයුතු කෙරිණ.
මෙම බංගලාව බාරදීමත් සමඟ හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පුවත් නැතුව පාලුයි වගේ, කමක් නෑ මේ විදිහට හොදා, හැම උදේම ගෘහ ආර්ථිකය ගැන පොඩි පුවතක් දාන්න. ගොඩක් වටිනවා.
මිනිහා වගේම ගෑනිත්, බලහත්කාරයෙන් ඉන්න හිතන්න ඇති, මේක අර නාකි මහල්ලාගේ පිං ආණ්ඩුව නොවෙයි ගෑනියේ මේක ජාතික ජනබල වේගයේ ආණ්ඩූවයි.
ඇය යන්න ගියා මැකිලා
කුලිය මාසෙට කීයද ?
හොඳ නැද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස වලිනුත් සියලු දෙනා ඉවත් කරොත් (ඕකෙ ඉන්නවා අවුරුදු ගාණක් පළපැදියම් වෙච්චි හිඟන්නෝ ටිකක්)
හරිම සතුටුයි... රට අනුරට බලය