
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය එම ස්ථානයේ සිරවී නවතා තබා ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
පවතින වර්ෂාවත් සමඟ මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල් කඩා වැටී ඇති අතර , එම අවස්ථාවේ එම ස්ථානය අසලින් ධාවනය වෙමින් තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිණි අංක 1005 දරණ පොඩිමැණිකේ දුම්රිය දුම්රිය රියදුරුගේ දක්ෂතාව මත නවතා ගෙන ඇතැයි දුම්රිය බලධාරීහු පැවසූහ .
මේ අතර බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇත.
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල් ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට දුම්රිය ධාවනයට බාධා
අනුර Wednesday, 13 November 2024 04:25 PM
සුද්දෝ මේක හදනකොට හරියට හදලා නැහැ. අපේ අප්පච්චි නම් නියමෙට වැඩේ කරා...!